සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 09ක් එළැඹෙන 15 වනදා වැඩ වර්ජනයක් කිරීමට තීරණය කර තිබේ.
සෞඛ්‍ය සේවය සඳහා විධිමත් උසස්වීම් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම, ඖෂධ මිල අඩු කිරීම ඇතුළු ඉල්ලීම් 9කට ප්‍රතිචාර නොදැක්වීම පිළිබඳව විරෝධය දක්වා මෙම වැඩවර්ජනය පැවැත්වීමට නියමිතව තිබේ.
සෞඛ්‍යය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා කියා සිටින්නේ රජය ඊටද ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඉදිරියේ දී දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ග ගන්නා බවයි.