කොරෝනා වෛරසය පාලනය කිරිම සඳහා තුන එන්නත් මාත්‍රාවක් ලබා දීමට සූදානම් බව රජය සඳහන් කරයි කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනටමත් ඒ පිළිබඳ උපදෙස් දී ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
දැනට වාර්තා වන සංඛ්‍යා ලේඛන අනුව කොරෝනා වෛරසයෙන් මියගොස් වැඩි පිරිස එන්නත්කරණය ට ලක් නොවූ වූ අය බව ද ඔහු සඳහන් කළේ ය.
එන්නත් ලබා ගෙන නැති ජනතාව හඳුනා ගැනීම පහසු වන පිණිස එන්නත් ලබා දුන් අයට විශේෂ හැඳුනුම්පතක් ලබා දීමේ වැඩපිළිවෙලක් යෝජනා වී ඇතැයි ද ඔහු තවදුරටත් පැවසීය.
මහනුවර දී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.