අනිල් දිසානායක Health System Enhancement Project ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් එකම සමාගමකට දීලා.

සෞඛ්‍ය ලේකම්ටත් හොරෙන් සෞඛ්‍ය පද්ධතිය ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතියේ(Health System Enhancement Project) අධ්‍යක්ෂ අනිල් දිසානායක ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් එකම සමාගමකට දීලා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ Health System Enhancement Ptoject හි ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් දිසානායක සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්ටත් හොරෙන් එක් සමාගමකට ආස්සියානු සංවර්ධන අරමුදලෙන් වෙන් කර තිබූ බිලියන 40ක මුදලින් සියයට 75%ක් ලබා දී ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග පවසයි.

සාමාන්‍යයෙන් මෙම ටෙන්ඩර් ලබාදීමේදී ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සමාගම්වලට ටෙන්ඩර් සදහා ආරාධනා කරන අතර මෙහිදී ටෙන්ඩර් සදහා ඖෂධ සමාගම්වලට ආරාධනා කර නැත.ඒ අනුව හිතාමතාම තරගකාරීත්වය අඩුකර ඇත.

විශේෂයෙන්ම මෙම ව්‍යාපෘති අධ්‍යක්ෂ අනිල් දිසානායක මෙම ටෙන්ඩර් ලබා දීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා දැනුවත් කර නොමැත.ඕනෑම අමාත්‍යාංශයක මූල්‍ය බලය සහිත නිලධාරියා වන්නේ අමාත්‍යාංශ ලේකම්වරයා වන අතර ගෙවීම් සිදුකර ඇත්තේද අමාත්‍යාංශ ලේකම්වරයා නොදැනුවත්ය.මෙම ටෙන්ඩර් ප්‍රදානය කල සමාගම විසින් පවතින මිලට සාපේක්ෂව දහ පහලොස් ගුණයකට වඩා වැඩිමිලට මිල ගණන් දක්වා තිබිණි. සාමාන්‍යයෙන් තාක්ෂණික ඇගයීම් කමිටුවලට පත් කරන්නේ රජයේ නිලධාරීන් වන අතර කිසිදු ආකාරයක පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය ආයතනවල නිලධාරීන් තාක්ෂණික කමිටුවලට සම්බන්ධ කරගන්නේ නැත.නමුත් මෙම ටෙන්ඩර් ලබාදීම සදහා පත්කල තාක්ෂණික කමිටු නියෝජනය කර ඇත්තේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නිලධාරීන්ය.
මේ අනුව බලද්දී පෙනී යන්නේ ආසියානු සංවර්ධන බැංකු අරමුදලේ මුදල් අන්ත දූෂිත ලෙස සහ කිසිදු පාරදෘශ්‍යභාවයකින් තොරව අත්තනෝමතික ලෙස එක් සමාගමක් වෙත අනිල් දිසානායක නම් ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා විසින් ලබා දී ඇති බවය.

මෙම වෛද්‍ය අනිල් දිසානායක මීට කලින් ලේ බැංකුවේ අධ්‍යක්ෂවරයාව සිටි අතර එහිදීද ඔහුට දූෂණ හා වංචා පිලිබදව චෝදනා එල්ල වී තිබිණි.මෙවැනි චෝදනා ඇති වෛද්‍ය අනිල් දිසානායක වැනි නිලධාරීන් තවමත් අමාත්‍යාංශයේ තනතුරු දැරීම පිලිබදව ඇත්තේ ගැටළුවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here