වසන්ත යාපා මන්ත්‍රීවරයා විසින් කරන චෝදනා අසත්‍යයි.රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති පවසයි.

වසන්ත යාපා මන්ත්‍රීවරයා විසින් කරන චෝදනා අසත්‍යයි.රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති පවසයි.

ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව විසින් SLIM pharmaceutical නැමති සමාගමකට විකුණන ලද අයිතමයන් එම සමාගමින්ම වැඩිමිලට මිලදීගෙන ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර කරන චෝදනා පදනම් විරහිත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස් පවසනවා.
වසන්ත යාපා බණ්ඩාර පවසන Total parental Nutrition ඖෂධය රජයේ වෛද්‍ය සැපයුන් අංශයට පමණක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ආනයනය කර සපයන ඖෂධයක් බැවින් කිසිදු බාහිර පාර්ශවයකට විකිණීම සිදු කරනු නොලබන බව අවධාරණය කර සිටී.
එසේම රාජ්‍ය ඖෂධ නීතිගත ආනයනය කරන ලද කිසිදු ඖෂධයක් SLIM Pharmaceutical නැමති සමාගමට අලෙවි කර නැති බවත් වෛද්‍ය අජිත් මෙන්ඩිස් අවධාරණය කරයි.රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඖෂධ අලෙවි කරන්නේ අලෙවි නියෝජිතයකු මාර්ගයෙන් පමණක් බවත් උක්ත සමාගම කිසිදු විටෙක රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අලෙවි නියෝජිතයකු ලෙස කටයුතු කර නැති බවත් අවධාරණය කර සිටියි.එබැවින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව SLIM Pharmaceutical සමාගම වෙත අළෙවි කර නැවතත් මිලදීගෙන ඇතැයි කියන චෝදනාව සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස් පෙන්වා දෙයි.

එබැවින් වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් එල්ල කරන ලද චෝදනා නිසි පරිදි වටහාගෙන නොමැතිව හෝ මන්ත්‍රීවරයා වෙත ඉදිරිපත් වූ සාවද්‍ය කරුණු මත ඉදිරිපත් කරන ලද්ද්ක් බවට පෙනී යන බවත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පෙන්වා දෙයි.(සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් අමුණා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here