පොලිස්පති රනිල්ගෙන් සේවා දිගුවක් හිගා කයි සති තුනකට සේවා දිගුවක් ලබාදෙයි රනිල්, චන්දනලැජ්ජයි

පොලිස්පති රනිල්ගෙන් සේවා දිගුවක් හිගා කයි සති තුනකට සේවා දිගුවක් ලබාදෙයි රනිල්, චන්දනලැජ්ජයි

සේවා කාලය අවසන් වූ පොලිස්පති චන්දන වික්‍රමරත්න තවත් සේවා දිගුවක් ඉල්ලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් හිගා නොකා හිගා කා ඇති බව වාර්තා වේ.එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් සී.ඩී වික්‍රමරත්නට සති තුනක සේවා දිගුවක් ලබා දී ඇත.මෙහිදී පොලිස්පතිට සති තුනකට පමණක් සේවාදිගුවක් ජනාධිපතිවරයා විසින් ලබාදීම සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවම හෑල්ලුවට ලක් කිරීමක් බව පොලිස් අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.සුදුස්සන් සිටියදී සති ගණන් වලට සේවා දිගු ලබාදීම ගැන පවසමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහව හා දිගින් දිගටම ජනාධිපතිට ඇවිටිලිකරන හිටපු පොලිස්පතිව දැන් පොලිස් දෙපාර්තමේන්තුව ඇතුලත කවටයන් දෙදෙනෙකුගේ ගානට වැටී ඇති බවත් ඔවුන් දෙදෙනාව හාස්‍යට ලක්කරන බවත් පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.මෙසේ පොලිස්පති කෙනෙකු පත් කර නොගැනීම තුල පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතුවලට විශාල බලපෑමක් එල්ල වන බවත් පොලිස් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සදහන් කරයි.පොලිස්පති කෙනෙක් පත් කරගන්නට බැරි ජනාධිපතිවරයෙක්ගෙන්නැති ඵලය කුමක්දැයි සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවම ප්‍රශ්න කර සිටියි.සී ඩී වික්‍රමරත්න වැනි පාතාල මර්ධනය කිරීමට බැරි පොලිස්පතිවරයෙක් නොව පාතාලය මර්ධනය කිරීමට හැකි ශක්තිමත් පොලිස්පති වරයකු වහාම පත් කරන ලෙසද පොලිස් දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here