2022.12.31 ජාතික රූපවාහිනී සංස්ථාව විසින් නිෂ්පාදනය හා විකාශනය කල සංගීත ප්‍රසංගයේ ජනමාධ්‍ය ,මහාමාර්ග හා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ පුතා වන චතුර සහන් ගුණවර්ධනට ගීතයක් ගායනා කිරීමට අවස්ථාව නොදීම සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන හා රූපවාහිනී සභාපති ඩබ්.බී ගනේගල අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවී තිබිණි .තමාගේ පුතාට ගීතයක් නොදීම ගැන විමසූ බන්දුල තමුන්ට බැරිනම් ඉල්ලා අස්වෙන ලෙස ගනේගලට පවසා තිබිණි.මෙම සිද්ධිය ජනමාධ්‍ය විසින් වාර්තා කිරීමත් සමග බන්දුලගේ පුතාට ගුවන් විදුලියෙන් සහතිකයක් ලැබී ඇත.ඒ ඔහු ගුවන්විදුලියේ A ශ්‍රේණියේ ගයකයකු බවටයි.මෙම සහතිකපත ලබාගත් බවට ඔහු විසින් මීට දින දෙකකට පෙර තමාගේ මුහුණු පොතේ ඡායාරූප පලකර තිබිණි.නමුත් එම සහතිකයෙහි සදහන් කර ඇත්තේ දාතම ලෙස 2022.12.19යි.දෙසැම්බර් 31 සිද්ධිය වසා ගැනීම සදහා වෙනස් දාතමක් යොදාගෙන සහතික පත ලබා ගත් බව ගුවන් විදුලියේ සේවකයින් පවසය