ප්‍රජාතාන්ත්‍රික ලෙස නිලවරණයකට එන්න. කුමන්ත්‍රණ එපා. ජස්වර් උමර් කියයි.

ප්‍රජාතාන්ත්‍රික ලෙස නිලවරණයකට එන්න. කුමන්ත්‍රණ එපා. ජස්වර් උමර් කියයි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය ජනවාරි මස 14 වැනි දින, කොළඹ දී පැවැත්වීමට නියමිතයි. මෙය අභියාචනාධිකරණයේදී නිර්දේශ කර තිබෙන පරිදි සිදුවේ.

ප්‍රධාන තණතුර වන සභාපති තණතුර සඳහා හිටපු සභාපති ජස්වර් උමර් මහතා ඉදිරිපත් වී තිබෙන අතර ඔහුට එරෙහිව තරඟ කිරීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී රංගා මහතා නාමයෝජනා භාරගෙන තිබේ. මීට පෙර ශ්‍රී රංගා මහතා කිසිඳු පාපන්දු කටයුත්තකට සම්භන්ධ නොවූ පුද්ගලයෙක් වීම විශ්මයට කරුණකි. ශ්‍රී රංගා මහතාගේ පාර්ශවයට අනුබල සහ සහයෝගය දක්වන්නේ ගියවර නිළවරනයෙන් පරාජය වූ වෛද්‍ය මනිල් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ පියානන් වන ජාත්‍යන්තර පාපන්දුවෙන් ජීවිත කාලයටම තහනමකට ලක්වී තිබෙන මනිලාල් ප්‍රනාන්දු මහතා බව ක්‍රීඩා ආරංචි මාර්ග පවසයි. ඒ සමඟම ක්‍රීඩා අමාත්‍යංශයේ ඉහල තණතුරු දරන නිලධාරීන් තිදෙනෙකු සිටින බව ආරංචි වී තිබේ. මෙම ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් ශ්‍රී රංගා මහතාව කෙසේ හෝ ජයග්‍රහනය කිරීමට විවිධ උපක්‍රම සහ කුමන්ත්‍රණ රාශියක් සැලසුම් කර ඇති බවත් ක්‍රීඩා ශේස්ත්‍රයේ කතාබහට ලක් වී තිබේ. මෙම සිදුවීම විදේශගත වී සිටින ක්‍රීඩා අමාත්‍ය රොශාන් රනසිංහ මහතා නොදැනුවත් බව ඔහුගේ සමීපතමයන්ගෙන් හෙලිවී තිබේ.

ජස්වර් මහතා අවස්තා කිහිපයකදීම තමන්ගේ 2/3කට අධික ජන්ද බලය විවුර්තව පෙන්වා දී තිබෙන බැවින් මෙයින් කම්පාවට පත්වූ ප්‍රතිවාදීන් ප්‍රජාතන්ත්‍රවාදී නිළවරණයකින් ජස්වර් මහතාව පරදවා ගැනීම ඉතා අපහසු බව ජන්ද දායකයින් අණාවැකි පළ කරයි. හිටපු දේශපාළකයෙක් වන ශ්‍රී රංගා මහතා රටෙහි විවිධ ප්‍රදේශවල සිටින තමන්ගේ පැරණි දේශපාලන මිත්‍රයින්ගේ දේශපාලන සහය අපේක්ශාවෙන් දුරකථන පණිවිඩද හුවමාරු කරගෙන තිබෙන බව වැඩිදුරටත් සඳහන් වේ. විශේශයෙන් උතුර, නැගෙනහිර සහ මධ්‍යම ප්‍රදේශවල සිටින දේශපාලන නායකයින්ගෙන් ජන්ද ලබා ගැනීමට සහය තමන්හට ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.

නැගෙනහිර පලාතේ මුස්ලිම් දේශපාලන නායකයින් දෙදෙනෙක් ජන්ද දායකයන්ට බලපෑම් කර තිබුනත් එය අසාර්තක වී ඇති බව ජන්ද දායකයින්ගෙන් ආරන්චි වෙයි. ඔවුන් පවසා සිටින්නේ පාපන්දුවට කිසිඳු සම්භන්දයක් නොමැති ශ්‍රී රංගා වැනි දේශපාළකයෙක්ව පාපන්දුවේ මුල් පුටුවට පත්කර ගැනීම තමන්ගේ හිතට එකඟව සිදු කල නොහැකි කාර්යයක් බවයි. මේ අතර ශ්‍රී රංගා මහතා වසර 2011දී තමන්ගේ ආරක්ශක පොලිස් නිළධාරියාව අණතුරකට ලක් කරමින් බොරු කට උත්තර ලබාදී එම සිදුවිමෙන් ගැලවී තිබුනද, වසරකට පසුව සත්‍ය තොරතුරු හෙලි වීමෙන් නීතිපතිවරයාගේ උපදෙස් පරිදි මනුශ්‍ය ඝාතන සිදුකිරීමේ වරදට අත් අඩංගුවට ගෙන දැනට ඇප මත සිටින පුද්ගලයෙකි.

මේ අතර ශ්‍රී රංගා මහතාට සහයෝගය දෙන මනිල් මහතාගේ පාර්ශවයෙන් ජස්වර් උමර් මහතාව නිළවරණයට ඉදිරිපත් වීම වැලැක්වීමේ උත්සාහයක නිරතවී සිටින බව විවිද ප්‍රව්ෘති සාකජ්ජා තුල අනාවරනය වී තිබේ. මේ සඳහා විවිධ දූශන වංචා චෝදනා එල්ල කලද එය පදනම් විරහිත බවත්, නිළවරණය සඳහා නිර්මාණය කර තිබෙන මඩ ප්‍රචාරයන් බවත් එලිවී තිබේ.

අවසන් උත්සාහය ලෙස රංගා මහතාගේ පාර්ශවය යොදාගෙන තිබෙන්නේ ජස්වර් මහතාට එරෙහිව ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේශ ඒකකයෙන් ඒක පාර්ශවිකව ලබා දුන් යෝජනා සහිත වාර්තාවයි. මෙම වාර්තාව වසර 2017දී ජස්වර් උමර් මහතා ලේඛම්වරයා ලෙස සිටින කාලයේදී, අනුර සිල්වා මහතාගේ නායකත්වයෙන් යුත් විධායක කමිටුවෙන් දුන් නියෝගය පරිදි මනිලාල් ප්‍රනාන්දු මහතාගේ දූශණ සම්භන්ධව විගනකාධිපතිවරයා වෙත යොමු කල වාර්ථාව අනුමැතියකින් තොරව ලබාදුන් බව ජස්වර් මහතාට චෝදනා එල්ලවී තිබේ. එහෙත් ජස්වර් මහතා පවසා සිටින්නේ විධායක සභාවෙන් ලබා දුන් නියෝග ලිකිතව වාර්තා වී තිබෙන බවත්, ඒ සඳහා වූ ලියකියවිලි, කෙටි පණිවිඩ සහ විද්‍යුත් තැපෑල පණිවිඩ තමන් සතුව තිබෙන බවත්, සාධාරණ පරීක්ශනයක් පවත්වන්නේ නම් එය සනාථ කිරීමට තමන් සතුව සියළු සාක්ශි තිබෙන බවයි.

මේ අතර නීතිපතිවරයා විසින් දන්වා සිටින්නේ, ක්‍රීඩා වැරදි වැලැක්වීඉමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත වූයේ වසර 2019දී බවත්, මෙම විශේශ පොලිස් ඒකකය පිහිටුවන ලද්දේ 2019 වසරට පසුව බවත්, මෙම විශේශ ඒකකයට 2019 වසරට පෙර සිදුවී තිබෙන කිසිම සිදුවීම් සභන්දයෙන් පරීක්ශන පැවැත්වීමට නෛතික බලයක් නොමැති බවත්, ක්‍රීඩා අමාත්‍යංශයට දන්වා දී තිබුණි. එ බැවින් ජස්වර් උමර් මහතා සම්භන්ධයෙන් පවතින මෙම වාර්ථා වසර 2017දී සිදුවී තිබෙන බැවින් මෙම විශේශ ඒකකයෙන් ලබාදුන් නිර්දේශවලට හෝ යෝජනාවලට නෛතික බලයක් නොමැති බව සනාථ වී තිබේ.

මෙම තීන්දුව සමඟ කලබලයට පත්වී සිටින රංගා සහ මනිලාල් මහතාගේ පාර්ශවය විසින් ක්‍රීඩා ඇමතිවරයාගේ බලතල පාවිච්චි කරමින් ජස්වර් උමර් ම්හතාව නිළවරණයට ඉදිරිපත්වීම වැලැක්වීමට කුමන්තණයකට යෙදී තිබෙන බව ක්‍රීඩා අමාත්‍යංශ‍යේ නිළධාරීවරයෙකු අපහට පවසා සිටියේය. එහෙත් මෙම නිළවරණය අධිකරණ නිර්දේශය තුල පැවැත්විය යුතු බැවින්, කිසිම නීතිමය නොවන කරුණකට ගරු ක්‍රීඩා අමාත්‍යවරයා අනුමැතිය ලබා නොදෙන බව ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරියා තවදුරටත් පවසා සිටියේය.

මේ සම්භන්ධව ප්‍රකාශයක් ලබාදෙමින් ජස්වර් උමර් මහතා පවසා සිටින්නේ ඕනෑම කෙනෙකුට ප්‍රජාතන්ත්‍රවාදීව නිළවරණයකට ඉදිරිපත්විය හැකි බවත්, ජනතා අභිලාශයෙන් නිළවරණයෙන් තේරීපත් වීම සැබෑ නායකයෙකුගේ ලක්ශන බවත්, ඒ සඳහා තමන් ප්‍රජාතාන්ත්‍රික ලෙස ඉදිරිපත් වන බවයි. එතුමා තවදුරටත් පවසා සිටියේ කුමන්ත්‍රණයකින් තොරව ප්‍රජාතාන්තවාදීව ලැබෙන ප්‍රතිඵල වලට තමා ඕනෑම මොහොතක හිස නමන බවයි.

පාපන්දුවේ සිටි ප්‍රභල පුද්ගලයෝ මෙවර නිළවරණයට ඉදිරිපත් නොවී සිටින්නේ, ජස්වර් මහතාගේ පාර්ශවයට 2/3ක ජන්ද බලයක් දැනටමත් ඇතිබව දන්නා නිසාය. පාපන්දු ආරංචිමාර්ඟ පවසා සිටින්නේ ජස්වර් උමර් මහතා දෙවෙනි වතාවටත් 2/3කට වැඩි. ජන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කරනු ලබන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here