*බන්දුලගේ* *පුතාට* *සිංදුවක්* *කීමට* *අවස්ථාව* *නොදුන්* *නිසා රූපවාහිනී සභාපතිට* *ඉල්ලා අස්වෙන්න කියලා!*
පහුගිය දෙසැම්බර් 31 සංචාරක අමාත්‍යංශය විසින් ගාළුමුවදොර සංවිධානය කල සංගීත ප්‍රසංගය විකාශනය කිරීම සිදුකරන ලද්දේ ජාතික රූපවාහිනිය විසිනි.
අතිවිශාල ජන සහභාගීත්වයකින් පැවතුන මෙම ප්‍රසංගය සාර්ථක ලෙස නිම කිරීමට සංවිධායකයන්ට හැකියාව ලැබුනි.
නමුත් මෙම ප්‍රසංගයෙන් පසුව ජනමාධ්‍ය,මහාමාර්ග,ප්‍රවාහන කැබිනට් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ රූපවාහිනී සභාපති අතර යම් වචන හුවමාරුවක් සිදුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
එයට හේතු වී ඇත්තේ ප්‍රසංගයේදී බන්දුල ගුණවර්ධන මහතාගේ පුතා හට සිංදුවක් කීමට අවස්තාව ලබා නොදීම නිසා බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.
මෙහිදී අමාත්‍යවරයා විසින් රූපවාහිනී සභාපති හට ‘කරන්න බැරිනම් යනවකෝ ඕයි යන්න’ යනුවෙන් බැන වැදී ඇති බව සිද්ධිය දුටු අය පවසා තිබේ..
මෙම අමාත්‍යවරයා මීට පෙරත් ප්‍රවාහන අමාත්‍යංශයේ සභාපතිවරයා පලවා හැර තමාගේ හිතවතෙකු පත් කිරීමට පියවර ගත්තේය.