කැබිනට් අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම පරක්කු වෙන්නේ එජාප මන්ත්‍රී හා විෂයන් කිහිපයක් ඇති ඇමතිවරුන් නිසා.
කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට මෙතරම් පරක්කු වන්නේ විෂයන් කිහිපයක් ඇති කැබිනට් අමාත්‍යවරුන් තමන්ගේ විෂයන් ඉවත් කරනවාට කමැති නිසා සහ එජාප මන්ත්‍රී බලාපොරොත්තු වන ස්වදේශ කටයුතු හා ආයෝජන අමාත්යාදධුරය නොලැබෙන නිසා බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසයි.ඉදිරි කැබිනට් සංශෝධනයේදී අමාත්‍යවරුන්ගේ විෂයන් කිහිපයක් වෙනස් වීමට නියමිතය.ක්‍රීඩා,කර්මාන්ත,ජලසම්පාදන,ප්‍රවාහන හා මහාමාර්ග,වෙලෙද, වරාය ,ආයෝජන ප්‍රවර්ධන හා වනජීවී යන අමාත්‍යාංශ වෙනස් වීමට නියමිත අමාත්‍යාංශයි. දැනට පවතින කැබිනට් මණ්ඩලය මීට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන අවස්ථාවේදී පත්කල කැබිනට් මණ්ඩලය වන අතර දනට සිටින කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙකුටම කැබිනට් අමාත්‍යධුර අහිමි වන බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.