ගාලු මුවදොර අරගල භූමියට ඉකුත් 09 වෙනිදා එල්ලවුණු ප්‍රහාරයෙන් පසු දේශපාලනඥයන්ගේ නිවාස හා දේපොලවලට පහරදී ගිනි තැබීම් සම්බන්ධයෙන් සැකපිට අද වන විට පුද්ගලයින් 450 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් තොරතුරු සඳහන් කළේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් මහතා සඳහන් කරනු ලැබුවේ ඊයේ සවස් වන විට පොලිස් මූලස්ථානයට වාර්තා වී තිබුණු අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ ගණන 406 දෙනෙක් බවය.
තව දුරටත් ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බවද නිහාල් තල්දූව මහතා කීය.