අරගලයට පහරදුන්නැයි චෝදනා ලැබූ පිරිස පිළිගත හැකි සාක්ෂි තිබේනම් පමණක් අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම් දෙයි

අරලියගහ මන්දිරය ඉදිරිපිටත් ගාලු මුවදොර පිටියේත් සාමකාමී අරගලයේ නිරතව සිටි පිරිස් වෙත පහරදීමට අදාලව අධිකරණය මඟින් ගුවන් ගමන් තහනම් කළ අය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා සාක්ෂි ඇත්නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට අද උපදෙස් දී තිබේ.

එම උපදෙස් ලබාදී ඇත්තේ හිටපු මැති ඇමතිවරු කිහිප දෙනෙක් ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙක් සම්බන්ධයෙනි.

නීතිපතිවරයා පෙන්වා දී ඇතැයි සඳහන් වන්නේ පර්යේෂණාත්මක සාක්ෂි මෙන්ම විද්‍යාත්මක සාක්ෂිද රැස්කර අනතුරුව ඒ සම්බන්ධයෙන් අදාල චූදිතයන්ගෙන්ද ප්‍රකාශ සටහන්කර අනතුරුව ඔවුන් එම අපරාධයට සම්බන්ධ බවට පැහැදිලිවම පෙනී යන්නේ නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here