වැට් එක වැඩි ජනතාවට බර පටවන්න මට බෑ ඒ නිසා ඡන්දය නෑ -නාමල් රාජපක්ෂ
බදු අඩු කරන ලද මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට යෝජනා කරන විපක්ෂය බදු වැඩි කරන විට ඊටද විරුද්ධව හඬ නගන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
බදු අඩු කළ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට පෙත්සම් අත්සන් කරමින් සිටින විපක්ෂය බදු වැඩි කළා යැයි වත්මන් ජනාධිපතිවරයාට ද විරුද්ධ වන බවත් දෙබිඩි පිලිවෙතක් අනුගමනය නොකර විපක්ෂය තමන්ගේ හරි ස්ථාවරය කුමක්දැයි හෙළි කළ යුතු බවත් ඔහු පැවසීය.විශේෂයෙන්ම බදු යනු දේශපාලන වාසි ගැනීමේ මෙවලමක් ලෙස විපක්ෂ කණ්ඩායම් පාවිච්චි කරන බවත්, සිදු කල යුත්තේ විද්‍යාත්මකව නිසි බදු ප්‍රතිපත්තියක් සකස් කිරීම බවත් නාමල් රාජපක්ෂ පැවසීය.
වැට් බද්ද විශාල වශයෙන් ඉහළ නැංවීම සම්බන්ධයෙන් තමන්ට එකඟතාවක් නැති බවද පැවසූ ඔහු සිදු කළ යුත්තේ බදු ප්‍රතිශතය ඉහළ නංවා ජනතාව අමාරුවේ දැමීම නොව බදු ජාලය පුළුල් කිරීම බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.බදු ගෙවීම්.පැහැර හරින පුද්ගලයින් නිවැරැදි ලෙස හදුනාගත යුතු බවත් ඔවුන්ගෙන් බදු අයකරගත යුතු බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.
බදු ප්‍රතිශතය කොතරම් ඉහළ නැංවුවත් බදු ජාලය ඉහළ නංවා නැතිනම් ප්‍රතිඵලයක් නොලැබෙනු ඇතැයිද, අවශ්‍යවන්නේ සරල බදු ක්‍රමයක් සහ ජනතාවට දරාගත හැකි බදු ප්‍රතිපත්තියක් රට තුළ ක්‍රියාත්මක වීම බවත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
වැට් බද්ද ඉහල නැංවීම සම්බන්ධයෙන් ඡන්ද විමසීමට තමන් සහභාගී නොවන බවත් ඒ බව දැනුම් දී තිබූ බවත් හෙතෙම කියා සිටියේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය.