මාරුවීම් ආවත් අවුරුදු 14ක් සෞඛ්‍ය අමාත්‍යාංශය අතහැර නොයන ප්‍රසම්පාදන අතිරේක ලේකම් නවාවි.

මාරුවීම් ආවත් අවුරුදු 14ක් සෞඛ්‍ය අමාත්‍යාංශය අතහැර නොයන ප්‍රසම්පාදන අතිරේක ලේකම් නවාවි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන අතිරේක ලේකම් නවාවි නම් පුද්ගලයාට ස්ථාන මාරුවීම් ලැබුණත් වසර දාහතරක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුලම රැදී සිටීම විශාල ගැටළුවක් වී ඇත.ජාතික විගණන වාර්තාව පෙන්වා දෙන්නේ මෙම නවාවි නම් නිලධාරියාට 2020 මාර්තු 02 රාජ්‍ය
පරිපාලන ,ස්වදේශ කටයුතු හා පලාත් පාලන අමාත්‍යාංශ ලේකම් විසින් අංක 75/10/3600 ඩ්‍රන ලිපිය මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශට මාරුවීමක් ලබාදී ඇති බවයි.නමුත් එම ලිපිය මෙම නවාවි නම් නිලධාරියාගේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික ලිපිගොනුවටවත් ලැබී නැත.මෙම ලිපිය බාරගත් තැනැත්තා එය සෞඛ්‍ය ලේකම්වරයාටවත් මෙම මාරුවීම් ලිපිය යොමු කර නැත.මෙම ලිපිය අතුරුදහන් වී ඇති ආකාරය තවමත් සොයා ගැනීමට නොහැකි වී තිබේ.මෙසේ මාරුවීම් ලැබී තිබුණත් විධිමත් අවසරයකින් තොරව මේ නවාවි නම් නිලධාරියා තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශය තුල නීති විරෝධීව කටයුතු කරනු ලබයි.මෙය සෞඛ්‍ය ලේකම්වරයාට දැනුම් දී ඇතත් තවමත් ඒ ගැන ක්‍රියාත්මක වී නැත.සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රසම්පාදන අතිරේක ලේකම් නවාවි දැඩි දූෂිත නිලධාරියකු ලෙසද ප්‍රකටය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here