නඩු නොමැතිව වේලෙන ෆයිසර් මුස්තාපා මුස්ලිම් ජනතාවට විරුද්ධව එයි
ඊයේ (05) ත්‍රිකුණාමලය – කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වුණි.
භූ විද්‍යා හා පතල් කැණීම් දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අත්තනෝමතික එකඟතාවය මත ත්‍රිකුණාමලය පුල්මොඩයි සිට නිලාවේලි දක්වා වෙරළබඩ ප්‍රදේශවල සියුම් වැලි ගොඩදැමීම සඳහා වන මිනින්දෝරු කටයුතු වහා අත්හිටුවන ලෙසට මෙම උද්ඝෝෂකයින් ඉල්ලා තිබුණි.මේ අතර මෙම වැලි ගොඩ දැමීමේ ක්‍රියාවලියට පෞද්ගලික අංශය මැදිහත් වී ඇති අතර එම සමාගම වෙනුවෙන් ජනාධිපති නිතීඥ ෆයිසර් මුස්තාපා පෙනී සිටින්නේ එම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවගේ දෛනික ආදායම් මාර්ගන්ට පහර දෙමින් බව අනාවරණය වෙමින් තිබේ.
මෙම ප්‍රදේශය තුළ මුස්ලිම් සුසාන භූමි ඇතුළු මුස්ලිම් ජනතාවගේ සියළුම කටයුතු සිදු කරගන්නා කාර්යාල ද පිහිටා තිබේ.
ඊට ප්‍රදේශවාසීන්, සංගම් නියෝජිතයින්, සමුද්‍රීය කර්මාන්ත හා ධීවර සංගමයේ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිය විරෝධය පළ කළේය.
මේ අතරවාරයේ “විනාශ කරන්න එපා, විනාශ කරන්න එපා, ස්වභාවික සම්පත් විනාශ කරන්න එපා”, “සූරාකන්න එපා, මිනිසුන්ගේ ජීවනෝපාය සූරාකන්න එපා”,”GSMB සභාපතිගේ අත්තනෝමතික තීරණය නවත්වන්න” “විනාශ නොකරන්න, විනාශ නොකරන්න, සංචාරක ව්‍යාපාරය විනාශ නොකරන්න”, “පතල් කොන්ත්‍රාත්තුව නවත්වන්න” යන සටන් පාඨ සමඟින් ඔවුන් හඬ නැඟූහ.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ, නැගෙනහිර ආණ්ඩුකාරවරයාගේ සහ දිස්ත්‍රික් ලේකම්වරයාගේ අවධානය යොමු කරන ලෙසට දන්වා උද්ඝෝෂකයෝ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කේ.ගුණනාදන් මහතාට ලිපියක් ද මෙහිදී භාර දුන්හ.