පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටුනොකර කටමැත දොඩවන කාදිනල් මැල්කම් රංජිත් පොලිස්පති පත්කරන්න යයි.

පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටුනොකර කටමැත දොඩවන කාදිනල් මැල්කම් රංජිත් පොලිස්පති පත්කරන්න යයි.

අරගලයෙන් පසු මැල්කම් රංජිත් කාදිනල්වරයා දැන් දැන් ආණ්ඩුපාලනය කිරීමට පටන් ගෙන ඇත.නොයෙකුත් තනතුරු පත්කිරීමේදී කාදිනල්ට අවශ්‍ය පරිදි ජනාධිපතිවරයාට අනිසි බලපෑම් කරමින් සිටියි.විශේෂයෙන්ම පොලිස්පති පත් කිරීමේදී දේශබන්ධු තෙන්නකෝන් හා නිලන්ත ජයවර්ධන යන සිංහල බෞද්ධ ජේශ්ඨ නියොජ්‍ය පොලිස්පති වරුන් දෙදෙනා පත් නොකරන ලෙස ජනාධිපතිවරයාට මුලින්ම ලිපියක් යොමු කෙරිණි.ඉන් අනතුරුව දැන් අරගලයට සහභාගී වූ ශෙහාන් මාලක නැමැත්තා හා ඩෙනින්ටන් සුබසිංහ නම් පියතුමා ලවා මෙම සිංහල බෞද්ධ ජේශ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනාගෙන් එක්අයකු පොලිස්පති ලෙස පත්කිරීමට විරුද්ධව තවත් ලිපියක් නිකුත් වීමට නියමිතය.මෙයින් ඔවුන් අදහස් කරන්නේ ජනාධිපතිවරයාට පොලිස්පති පත්කිරීම සම්බන්ධයෙන් අනිසි බලපෑම් සිදු කිරීමය.

පසුගිය සමයේ අරගලයට සම්පූර්ණයෙන්ම සහාය දෙමින් සිංහල බෞද්ධයින්ට පහර දීමට බෞද්ධ මතවාදයන් හාස්‍යට ලක්කිරීමත් බෞද්ධ නායකයින් දේශපාලන පසුබිමෙන් ඉවත් කිරීමට ඇපකැපවී කටයුතු කලේ සහ මුදල් මිලියන ගනනින් අරගලයට පොම්ප කිරීමේ ඒජන්තවරයා වූයේද මෙම මැල්කම් රන්ජිත් කාදිනල්වරයාය.

හැමදාමත් බොරුවට පාස්කු ප්‍රහාරය පිකිබදව කිඹුල් කදුළු හෙලන මැල්කම් රංජිත් කාදිනල්වරයා පාතාල මර්ධනය කිරීමට යන ගමනට සහයෝගය නොදීම උභතෝකෝටික ප්‍රශ්නයකි.මන්ද මේ වන විටත් මැල්කම් රන්ජිත් වැඩවාසය කරන බස්නාහිර පලාතේ හා දකුණු පලාතේ පාතාල මර්ධන මෙහෙයුම් ආරම්භ කර ඇත.නමුත් පොලිස්පතිවරයකු පත් නොකොට දැනට දින අටකි.කාදිනල්වරයා පොලිස්පතිවරයකු පත්කරන්නට දෙන්නේද නැත.සිංහල බෞද්ධ අයෙකු පොලිස්පති ලෙස පත් කිරීමට කෙසේවත් ඉඩ ශෙන්නේ නැත.ශෙහාන් මාලක , ඩෙනිංටන් සුබසිංහ වැනි මැල්කම් රංජිත්ගේ බලලුන් ලවා දැන් කොස් ඇට බාවමින් බෞද්ධ බලවේග වලට පහර දෙමින් ඇත.

කාඩිනල් පාස්කු ප්‍රහාරය ගැන දන්න දෙයක් නැත හැමදාම සිදුකරන්නේ මාධ්‍ය ඉදිරියේ පොර ටෝක් දීම පමණකි.පාස්කු ප්‍රහාරය ගැන දන්නවා කියමින් ඔහු පහර දුන්නේ සිංහල බෞද්ධ නායකයින්ටය.පාස්කු ප්‍රහාරය ගැන තැන තැන කට මැත දොඩවනවා හැරෙන්නට පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටු කිරීමට තවමත් කාදිනල්ට නොහැකිවී ඇත.පාස්කු ප්‍රහාරයේ සුලමුල දන්න්නවා යැයි කියමින් ශර්ලොක් හෝම්ස්ගේ චරිතය රගපාන කාදිනල් මැල්කම් රංජිත් කිසිදු හෙලිදරව්වක් මෙතෙක් සිදුකර නැත.මෙසේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටුකිරීමට පවා නොහැකි වූ කාදිනල් පොලිස්පති පත්කිරීමට උපදෙස් දීම ඇතතටම හාස්‍යජනකය.

ජේ.ආර් ජයවර්ධන වරක් මඩිහේ පඤඥාසීහ හිමියන්ට මෙසේ පවසා ඇත.අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ පන්සල බලාගන්න මම රට බලාගන්නම්.අපට කියන්න ඇත්තේද මෙපමණකි ඔබතුමා පල්ලිය බලාගන්න අපි රාජ්‍ය පාලනය බලා ගන්නම්.ජේආර්ගේ බෑනා රනිල් වික්‍රමසිංහ එසේ කීමටද බැරි නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here