මේ වනවිට පාපන්දු විධායක සභාවෙන් 4 දෙනෙකු ඉල්ලා අස්වී ඇත.
වත්මන් ශ්‍රීලංකා පාපන්දු සම්මේලනයේ විධායක සභාවෙන් සිව්දෙනෙකු ඉල්ලා අස් වී ඇත.ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ ලේකම් ඉන්දික තේනුවර මහතා විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය එහි සභාපති ශ්‍රී රංගා මහතාට යොමු කර තිබිණ. පාපන්දු සම්මේලනයේ උප සභාපතිවරුන් වන සී.දීපිකා කුමාරි හා සමන් දිල්හාන් නාගහවත්ත යන මහත්ම මහත්මීන්ද සිය ඉල්ලා අස්වීමේ ලිපි බාරදී ඇත.මීට අමතරව පාපන්දු සම්මේලනයේ භාණ්ඩාගාරික ටී.සුදාකර් මහතාද සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාට යොමු කර ඇත.
පසුගිය ජනවාරි 14 වනදා පැවැත්වූ නිලවරණයෙන් පත්වූ විධායක සභාවේ බහුතරයක් ඉල්ලා අස්වීම නිසා පාපන්දු සම්මේලනය පවත්වාගෙන යාමේ අවධානමක් මතුවී ඇත.
මෙසේ විධායක සභාවේ සාමාජිකයින් ඉල්ලා අස් වීම නිසා ගණපූර්ණය බිදවැටීම නිසා මෙසේ පාපන්දු සම්මේලනයේ කටයුතු පවත්වා ගැනීමට නොහැකිවී ඇත.
පාපන්දු සම්මේලනයේ විධායක සභාවේ සාමාජිකයින් ගණන 11 ක් වුවත් ජනවාරි 14 නිලවරණයෙන් පත්වූයේ 8 දෙනෙකු පමණකි.ගණපූරණය අවම පවත්වාගෙන යාමට විධායක සභිකයින් 6 දෙනෙකු අවශ්‍ය වන අතර සාමාජිකයින් 4 දෙනෙකු ඉල්ලා අස්වීම නිසා දැන් ඉතිරිව ඇත්තේ තවත් සිව්දෙනෙකු පමණි.අද විටත් පාපන්දු සම්මේලනයේ නව පරිපාලනයට නිසි ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කිරීමටද නොහැකි වී ඇත.
මේ වනවිටත් ජනවාරි 21 වැනිදා සිට ජාත්‍යාන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකාවට ජාත්‍යාන්තර තරග තහනමක් පනවා ඇත.