අවුරුදු 17 න් පහල ජාතික කණ්ඩායමට යන්න බැරි උනේ රොඩ්‍රිගෝ සහ සුළු කණ්ඩායමක කුමන්ත්‍රණයක් නිසා -ජස්වර් උමාර්

අවුරුදු 17 න් පහල ජාතික කණ්ඩායමට යන්න බැරි උනේ
රොඩ්‍රිගෝ සහ සුළු කණ්ඩායමක කුමන්ත්‍රණයක් නිසා -ජස්වර් උමාර්

උස්බෙකිස්ථානයේ පැවති වයස අවුරුදු 17 න් පහල ආසියානු පාපන්දු තරඟාවලියට සහභාගී වීමට නොහැකි වූයේ
රොඩ්‍රිගෝ සහ සුළු පිරිසකගේ කුමන්ත්‍රණයක් නිසා බව හිටපු සබාපති ජස්වර් උමර් මහතා පැවසීය.

ඉතිහාසේ පළමු වරට ලංකාවේ භූමිය තුල අවුරුදු 17 න් පහල දකුණු ආසියානු තරගාවලිය පැවැත්වීමට තමන්ට හැකි වුන බවත්
එම සුවිශේෂී තරඟාවලිය පැවැත්වීම පිලිබද දෙමාපියන්ගෙන් සහ ක්‍රීඩා ලෝලීන්ගෙන් ප්‍රසාදය පලවූ බවත් මෙය දරාගන්න බැරි සුළු පිරිසක් සිටි බවත්
එම පිරිස , ගරු ක්‍රීඩා අමාත්‍යවරයාව මුලා කරමින් අසත්‍ය චෝදනා ඉදිරිපත් කර , ශ්‍රී ලංකා පාපන්දු වලට අන්තර් පාලන කමිටුවක් පත්ක්රීමට
උත්සහ කල බවත් ජස්වර් උමාර් මහතා අනාවරණය කළේය .

අවුරුදු 17 න් පහල ජාතික කණ්ඩායම හොඳ සූදානමකින් සිටි බවත් ආසියානු කුසලානයට සහභාගීවීමට සියළු කටයුතු සූදානම් කර තිබුණි . කොළඹ පැවතී දකුණු ආසියානු තරඟයකින් ශ්‍රී ලංකා කණ්ඩායම මාලදිවයින කණ්ඩායමට එරෙහිව ජයග්‍රහණය කල බවත් , මෙය විශාල අඩිතාලමක් බවත් ජස්වර් උමාර් පැවසීය .

මෙම කුමන්ත්‍රණකාරී පිරිසගේ වැරදි තොරතුරු මත ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට සහ අනිත් සියලු සංගම් වලට ලබා දී තිබුණු කාලය දිගු කිරීමේ ගැසට් පත්‍රය හදිස්සියෙන්ම ගරු ක්‍රීඩා ඇමතිවරයා විසින් අවලංගු කිරීමෙට කටයුතු කර තිබුණි .

මෙය සමඟම හිටපු සභාපති ජස්වර් උමාර් සහ ක්‍රීඩකයන්ගේ දෙමාපියන් සියළු දෙනා එක්ව ක්‍රීඩා අමාත්‍යාංශයට ඉල්ලීම් කර තිබුනේ , මෙම තරුණ කණ්ඩායම තරගාවලියට සහභාගි වීමට අවශ්‍ය ගුවන් ටිකට් පත්‍ර ලබානැනීමට අවශ්‍ය චෙක්පත් අත්සන් කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසයි .
එහෙත් , ගැසට් පත්‍රය අවලංගු වීම නිසා හිටපු නිලධාරීන්ට අත්සන් කිරීමේ බලය නැති වී තිබුණි .

හිටපු සභාපති ජස්වර් මහතා ඇතුළු නිලධාරීන් , ඉතා සත්භාවයෙන් මෙම තරුණ කණ්ඩායම සූදානම් කර ජාත්‍යාන්තර තරගාවලියට සූදානම් කර තිබුණි .
ගුවන් ටිකට් පත්‍ර වෙන්කර තිබුනද , පාපන්දු සම්මේලනය විසුරුවා හැර තිබුණු නිසා , කිසිදු ආයතනයක් මුදල් ගෙවීමෙන් තොරව ටිකට් පත් ලබා දීම ප්‍රතික්ෂේප කළේය .
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට මෙම ගුවන් ටිකට් ලබාගෙනීමට මුදල් තිබුනද ,චෙක්පත් අත්සන් කිරීමේ බලය නොමැති නිසා මෙම අවාසනාවන්ත සිදුවීම් හටගැනුනි .

මේ කුමන්ත්‍රණය පිටුපස , මෙවර නිලවරණයට ඉදිරිපත් වෙන යම් දේශපාලකයෙක් සිටින බවත් , ඔහුගේ පුත්‍රයා මේ කණ්ඩායමට තේරී නොතිබුණු නිසා , රොඩ්රිගෝ සමග එකතුවී මෙම කුමන්ත්‍රණය කල බවත් ක්‍රීඩකයන්ගේ දෙමාපියන් හා ක්‍රීඩාලෝලීන්ද කණගාටුව ප්‍රකාශ කර සිටින බවත් ජස්වර් උමාර් පැවසීය.

ජාත්‍යාන්තර තහනමකට ලක් වුවහොත් පළමුව වගකිය යුත්තේ රංජිත් රොඩ්‍රිගෝ
හිටපු පාපන්දු සභාපති ජස්වර් උමාර් වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවට ජාත්‍යාන්තර තහනමක් සහ සම්බාධක පැනවීමට හේතුවන්නේ කාරණා දෙකකි .

පළමු කාරණය , වසර 30 කට පැරණි පාපන්දු ව්‍යවස්ථාව , දිගු කාලයක් සිට සංශෝධනය නොකිරීමය .
දෙවැනි කරුණ වන්නේ , ජාත්‍යාන්තර පාපන්දු ප්‍රධානීන් සමඟ ක්‍රීඩා ලේකම් සහ ක්‍රීඩා කවුසිල එකඟ වුනු මාර්ග සිතියම ( roadmap )
එක පාර්ශ්වීයව කඩකිරීමය .

මේ සම්බන්ධව අසත්‍ය කරුණු නිර්මාණ කිරීමට රංජිත් රොඩ්‍රිගෝ සහ සුළු පිරිසක් ගත් උත්සාහය අසාර්ථක වී තිබේ.
මෙම කරුණු දැනට ගරු ජනාධිපතිතුමා සහ ගරු ක්‍රීඩා අමාත්‍යතුමා ගේ ඍජු අවධානයට පාත්‍ර වී තිබේ .
අතිගරු ජනාධිපතිතුමා වෙත මේ පිලිබදව දැනුවත් කිරීමෙන් පසුව එළඹෙන ජනවාරි මස මුල් සතියේදී, මෙම ගැටලුවට ස්ථිර විසදුම් ලබා දීමට අවධානය යොමුකර ඇත.

මේ අතර , කරුණු වෙනත් අතට හැරවීමට හිටපු උප සභාපති රංජිත්‍ රොඩ්‍රිගෝ මහතා ඉකුත් දා මාධ්‍ය හමුවකදී ගත් උත්සාහය අසාර්ථක වී තිබේ .

මේ සම්බන්ධයෙන් , කරුණු දක්වන හිටපු සභාපති ජස්වර් උමර් පවසන්නේ මෙම ව්‍යවස්ථා සංශෝධන කෙටුම් පත් FIFA ආයතනයෙන් ලබා දී තිබුනේ 2014 වසරේ දී බවයි . ඒ වකවානුවේ සභාපති දුර දැරුවේ රංජිත් රොඩ්රිගෝ මහතා බවයි.

එතුමා , ඒ වනවිට FIFA සභාපති Joseph Sepp Blatter මහතා සමග ඉතා සමීපව කටයුතු කර තිබිණි. රන්ජිත් රොඩ්රිගෝ මහතාට
එම කාලයේදී ඉතා පහසුවෙන් මෙම ව්‍යවස්ථාව සංශෝධනය කල හැකිව තිබූබවත් නමුත් රංජිත් රොඩ්‍රිගෝ එක බොරු හේතු කියමින් එය මග හැරිය බවත් ජස්වර් උමාර් වැඩිදුරටත් පැවසීය.

ඒ කාල වකවානුවේදී තමා විධායක සභාවේ නොසිටි බවත් 2015 රොඩ්රිගෝ මහතා අනුර සිල්වා මහතාව සභාපති කල බවත් ජස්වර් උමාර් පැවසීය. . නියෝජ්‍ය ලේකම් හැටියට තමා පළමුවැනි වතාවට පත්වු බවත් අනුර ද සිල්වා මහතා සභාපති වුවත් නිල නොවන සභාපති ලෙස පාලනය ගෙන ගියේ රංජිත් රොඩ්‍රිගෝ බවත් ජස්වර් උමාර් පැවසීය . රොඩ්‍රිගෝ අනුර සිල්වා ට වැඩ කරන්න නොදුන් බවත් මෙම කාරණාව සියළුදෙනා දන්නා රහසක් බවත් ජස්වර් උමාර් පැවසීය. එම නිසා අනුර ද සිල්වා අප ඇතුළු බහුතරයක් රොඩ්‍රිගෝ ගෙන් ඉවත් වූ බවත් ජස්වර් උමාර් පැවසීය. ඉන් අනතුරුව රොඩ්රිගෝ අනුර ද සිල්වා අතින් පරාජය වී ගෙදරට වෙලා සිටි බවත් ජස්වර් උමාර් පැවසීය.

2015 දී මේ ව්‍යවස්ථා සංශෝධනය පහසුවෙන් සිදුකිරීම හැකියාව තිබියදී එය මගහැර දැන් අනිත් අයට ඇඟිලි දික් කර මඩ ගැසීම හාස්‍යජනක බවත් පැවසීය. මේ අර්බූදයට මුල් වග කී යුත්තා රංජිත් රොඩ්‍රිගෝ මිස අන් කවරෙකුවත් නොවන බව ජස්වර් උමාර් වැඩි දුරටත් පැවසීය.

කොවිඩ් වසංගතය තුල වුවත් තමා මාස 6 ක් වැනි කෙටි කාලයක් තුල ව්‍යවස්ථාව සංශෝධනය කලබවත් . 2/3 සාමාජිකයෝ තමා සමග සිටිබවත් ජස්වර් උමාර් අවධාරණය කලේය.

අපි අවංකව කටයුතු කරද්දි ඉතා, සුළු පිරිසක් . නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බව පවසා අධිකරණය වෙත ගිය බවත් ජස්වර් උමාර් පැවසීය.
ජාත්‍යාන්තර තලයේ ව්‍යවස්ථාවක් එපා කියන උදවිය දැන් ව්‍යවස්ථාව ගැන කතා කිරීම විහිලුවක් බව ජස්වර් උමාර් පැවසීය.

රංජිත් රොඩ්‍රිගෝ හොඳ රඟපෑමක් කලා නමුත් එම රගපෑමට වැඩි ආයුශ නෑ
ලීග 40 කට වැඩි පිරිසක් අලුත් ව්‍යවස්ථාවට කැමති බවද ජස්වර් උමාර් පැවසීය.

අපි මේ අර්බුධයෙන් ඉක්මනින් විසදන බවත් කුමන්ත්‍රණ අභිබවා ජයග්‍රහණය කරන බවත් ජස්වර් උමාර් වැඩිදුරටත් පැවසීය.

දැන් මේ සුළු පිරිසට ගෙදර යන්න කාලේ හරි ජනතාව මේ පිරිස ප්‍රතික්ෂේප කරලා ඉවරයි අපි ලග ඩීල් නෑ ඩීල් තියෙන්නෙ රොඩ්‍රිගෝ ලග හැමදාම කියනෙ වංචා කලා කියලා එකම තැටිය වාදනය කරන්නෙ.එකම දේ හැමදාම කියනවා ඔය වංචා ගැන තමා ඒවාට පිලිතුරු ලබා දුන් බවත් ඉදිරියේදී රංජිත් ඇතුළු පිරිසට තවත් හොදට පිලිතුරු ලබාදෙන බවත් ජස්වර් උමාර් පැවසීය අනුන්ට මඩ ගහන විට තමන් අතේ ඊටත් වැඩියෙන් මඩ ගෑවෙන බව අමතක නොකරන ලෙසත් ජස්වර් උමාර් වැඩි දුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here