අද දින( 2022 ඔක්තොම්බර් 20) අභියාචනාධිකරණයේදී ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස ජස්වර් උමාර් විසින් සහ පාපන්දු සම්මේලනයේ උපාලි හේවගේ ලේකම්වරයා විසින් ඉදිරිපත් කල නඩුව විභාගයට ගැනුණා. මෙහිදී ක්රීඩා අධ්යක්ෂ ජනරාල් විසින් දින 69 ක් ඇතුලතදී පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට කටයුතු කරන බව ගරු අධිකරණය හමුවේ පවසා සිටියා.නැවත 2022 ඔක්තොම්බර් 26 බදාදා දින නැවත නඩුව කැදවීමට අධිකරණය තීරණය කල අතර එදිනට පාපන්දු සම්මේලනයේ නිලවරණය පවත්වන දින නිශ්චිත ලෙස දන්වන ලෙසට ක්රීඩා අධ්යක්ෂ ජනරාල්වරයාට නියෝග කලේය.
පාපන්දු නිලවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලමින් පාපන්දු ලීග 40ක් මෝසමක් මාර්ගයෙන් මැදිහත් පාර්ශවක් ලෙස මෙම නඩුවට එක් වී ඇති බවද ජස්වර් උමාර් මහතා පවසයි.කඩිනමින් නිලවරණය පැවැත්වීමෙන් මේ අර්බුදය ඉක්මනින් විසදා ගැනීමට හැකි වන බවද ජස්වර් උමාර් මහතා පැවසීය.