හිටපු රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පදිංචිව සිටිනා, කොළඹ 7, ග්‍රෙගරි පාරේ අංක 12 දරණ නිවස වෙත ලබාදී තිබෙනා අංක 0794191932 දරණ විදුලි බල සපයුම වෙනුවෙන් රුපියල් 637,448.38 ක මුදලක් ( හය ලක්ෂ තිස් හත්දහස් හාරසිය හතලිස් අටයි ශත තිස් අටක) ගෙවීමට ඇති බවත් එම මුදල් නොගෙවන්නේනම් එම නිවසට ලබාදී ඇති විදුලි සැපයුම විසන්දි කරනා බවත් ලංකා විදුලිබල මණ්ඩළය දන්වා ඇත.
ලංකා විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (කොළඹ නගරය) හේමන්ත රණසිංහගේ අත්සනින් යවා ඇති ලිපියක් මගින් මේ බව අවධාරණය කර ඇති අතර, මෙම මස 15 වනදිනට පෙර හිඟ මුදල ගෙවා නිමකරනා මෙන් සිහි කැඳවීමක්ද කර ඇත. එම ලිපිය පහත පලවේ.