ලබන සතියේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි.විෂයන් ගණනාවක් වෙනස් වෙයි.
ලබන සතියේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.මෙහිදී අමාත්‍යවරුන්ගේ විෂයන් කිහිපයක් වෙනස් වීමට නියමිතය.ක්‍රීඩා,කර්මාන්ත,ජලසම්පාදන,ප්‍රවාහන හා මහාමාර්ග,වෙලෙද,වරාය ,ආයෝජන ප්‍රවර්ධන හා වනජීවී යන අමාත්‍යාංශ වෙනස් වීමට නියමිතය.දැනට පවතින කැබිනට් මණ්ඩලය මීට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන අවස්ථාවේදී පත්කල කැබිනට් මණ්ඩලය වන අතර දනට සිටින කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙකුටම කැබිනට් අමාත්‍යධුර අහිමි වන බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.
පසුගියදා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ක්‍රීඩා ක්ෂේත්රයේ පිරිසක් නැවත ක්‍රීඩා අමාත්‍යධුරය භාර ගන්නා ලෙසටද ඉල්ලීමක් සිදු කර තිබිණි.තවද එක විෂයකට වඩා ඇති අමාත්‍යවරුන්ගේ විෂයන් සංශෝධනය කරන බවට ප්රවෘත්ති පලවීමත් සමග එම අමාත්‍යවරුන් ජනාධිපතිවරයාට දුරකථන ඇමතුම් ලබා දෙමින් එසේ නිකරන ලෙසට ඉල්ලීම් කර ඇතිබවද එම දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කලේය.