සියළුම ක්‍රීඩා මණ්ඩල, ක්‍රීඩා සංගම් සහ ක්‍රීඩා සම්මේලන නාමල්ට ක්‍රීඩා ඇමතිකම භාර ගන්න කියයි.
සියළුම ක්‍රීඩා මණ්ඩල, ක්‍රීඩා සංගම් සහ ක්‍රීඩා සම්මේලන නාමල්ට ක්‍රීඩා ඇමතිකම භාර ගන්න කියයි.
ක්‍රීඩා සංගම් නිලධාරීන් හිටපු ක්‍රීඩකයින් පුහුණු කරුවන් පිරිසක් අද උදෑසන නාමල් රාජපක්ෂ මහතා මුණ ගැසී ඇති බව ක්‍රීඩා ක්ශේත්‍රයට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම නිලධාරීන් හිටපු ක්‍රීඩකයින් සහ පුහුකරුවන් නාමල් රාජපක්ෂට පවසා ඇත්තේ මේ වනවිට අමාත්‍යාංශය අත්තනෝමතික ලෙස ක්‍රීඩා පාලනය කිරීමට සූදානම් වන බවත් නිසි සැලසුම් හා අනාගත දැක්මක් නොමැති කමින් දැන් ශ්‍රීලංකාවේ ක්‍රීඩාවන් අයාලේ යන බවයි.නිශ්චිත සැලසුමක් නොමැතිව කරන මේ කටයුතු නිසා ක්‍රීඩාවේ අනාගතය ඇත්තේ දැඩි අවධානමක බවත් ඔවුන් නාමල් රාජපක්ෂට පෙන්වා දෙන ලදී.ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය වහාම නාමල් රාජපක්ෂට ලබා ගන්නා ලෙස එම නිලධාරීන්,හිටපු ක්‍රීඩකයින් හා පුහුණු කරුවන් ඉල්ලීමක් කර ඇත.
නාමල් රාජපක්ෂ මෙහිදී පවසා ඇත්තේ ඇමතිකමක් ලබා මේ මොහොතේ ලබාගැනීමට තමාගේ කැමැත්තක් නැති බවයි. නමුත් මෙම කල ඉල්ලීම නිසා ඉදිරියේදී අමාත්‍යාංශය භාර ගැනීම පිලිබදව සලකා බලන බව නාමල් රාජපක්ෂ ඔහු මුණගැසීමට පැමිණි නිලධාරීන් හිටපු ක්‍රීඩකයින් හා පුහුණුකරුවන්ට පවසා ඇත .පසුගිය සතියේදී ක්‍රීඩා කර්මාන්ත වරාය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක අමාත්‍යවරුන් වෙනස් වන බවටද දේශපාලන ක්ෂේත්රයේ කතා බහකට ලක්විය