වසර 35 කින් සංශෝධනය කර නැති ශ්‍රී ලංකා පාපන්දු සම්මෙලනයේ ව්‍යවස්ථාව කඩිනමින් සංශෝධනයට

වසර 35 කින් සංශෝධනය කර නැති ශ්‍රී ලංකා පාපන්දු සම්මෙලනයේ ව්‍යවස්ථාව කඩිනමින් සංශෝධනයට

බලතල බෙදන නව ව්‍යවස්ථාව සම්මත කරගැනීමට මහා සභාවේ තුනෙන් දෙකක බලයක් දැනටමත් තිබෙනවා

ජාත්‍යාන්තර පාපන්දු සම්මේලනය කිහිපවරක්ම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙසට දැනුම් දී තිබුනත් එසේ සංශෝධනය කර නැති බවත් තමා කඩිනමින් එම ව්‍යවස්ථාව ජාත්‍යාන්තර පාපන්දු සම්මේලනයේ නිර්දේශවලට අනුකූලව ශ්‍රී ලංකාවට ගැලපෙන පරිදි සංශෝධනය කිරීමට කටයුතු කරනවා.

අවසාන වතාවට ශ්‍රීලංකා පාපන්දු සම්මෙලනයේ ව්‍යවස්ථාව 2002 වර්ෂයේදි සුළු වශයෙන් වෙනස් කර ඇත.නැවත ජාත්‍යාන්තර පාපන්දු සම්මේලනය මගින් 2014 දී මෙම ව්‍යවස්ථාව වෙනස් කරන ලෙස ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට දැනුම් දුන්නත් එය වෙනස් කර නොමැත. එවකට පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස කටයුතු කලේ රංජිත් රොඩ්‍රිගෝ මහතාය. තවද අනුර ද සිල්වා මහතා සභාපති ලෙස කටයුතු කරන කාලයේදී ද මෙම ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙස ජාත්‍යාන්තර පාපන්දු සම්මේලනය දැනුම් දුන්නත් එසේ සංශෝධනය කර නොමැත.

2021 වසරේදී ජාත්‍යාන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මමේලනයේ මීලග නිලවරණයට කලින් මෙම ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙසට අවධාරණය කර ඇත.එයට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව ව්‍යවස්ථාව කෙටුම්පත් කර එහි පිටපත් ක්‍රීඩා අමාත්‍යාංශයට සහ සියළුම පාපන්දු සම්මේලනයේ සාමාජික සාමාජිකාවන්ට 2022 මැයි මාසය වනවිට යවා අවසන් කර ඇත.

මෙම නව ව්‍යවස්ථාව මගින් ස්වාධීන මූල්‍ය පරිපාලනය, ස්වාධීන නිලවරණය ක්‍රමය, ස්වාධීන විනය කමිටු ඇතුළු පැහැදිලි ලෙසම බලය බෙදා හැරීමේ ක්‍රමයක් ඇති කර තිබෙනවා. මෙම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට අවශ්‍ය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මහා සභාවේ තුනෙන් දෙකක බලය දැනටමත් තිබෙනවා.

මේවන විටත් ශ්‍රීලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සදහා අවශ්‍ය උපදේශන හා නිරීක්ෂණ කටයුතු සදහා ජාත්‍යාන්තර පාපන්දු සම්මේලනයේ නියෝජිතයින් දෙදෙනෙකු හා ආසියානු පාපන්දු සම්මේලනයේ නියෝජිතයකු දිවයිනට පැමිණ තිබෙනවා.

ජස්වර් උමාර්
සභාපති
ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here