නීතිපති දෙපාර්තමේන්තුවේ අලුත් සෙල්ලමක්.යහපාලන පරණ සෙල්ලම පටන් ගනී.
නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නැවත යහපාලන කාලයේදී මෙන් නැවත අත්තනෝමතික ලෙස කටයුතු කරන්නට පටන් ගෙන ඇත.පරණ නඩු නැවත කැදවීමේදී තිබෙන බී වාර්තා වෙනුවට අළුත් බී වාර්තා ඉදිරිපත් කරන ලෙසට පොලිසියට බලපෑම් කරමින් සිටී.නීතිපති දෙපාර්තමේන්තුවට ලැබෙන බී වාර්තා නැවත ඔවුන්ට ඕනෑ ආකාරයට පොලිස් නිලධාරීන්ට බලපෑම් කර සකස් කරන බව පොලිස් දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ කර ඇත.කූඩාරම් කැඩූ පුද්ගලයින් රිමාන්ඩ් කිරීමටත් ගිනිතැබූ පුද්ගලයින්ට ඇප ලබාදීම ගැන පොලිස් නිලධාරීන් අප්‍රසාදය පලකර ඇත.මෙසේ කිරීම තුලින් පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ හිස මතට සාමාන්‍ය ජනයා අත හෝදන දිනය වැඩි ඈතක නොවන බවද ඔවුන් වැඩි දුරටත් පැවසීය