මිරිහාන සිද්ධිය ඇතුළු එතැන් පටන් සිදුවූ සියළු ප්‍රචණ්ඩකාරී සිද්ධි වලට අදාල පුද්ගලයින් හදුනා ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට නියෝග.අත්ඩංගුවට ගත් අයට ඇප ලබාගන්නට කටයුතු කල අය ගැනත් හොයන්න. ජනපති මැදුරේ පැවැති පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම උණුසුම් තත්ත්වයක් ගෙන ඇත්තේ ඊට පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා සහභාගී වීමෙන් පසුව බව වාර්තාවෙනවා.
රැස්වීම ආරම්භයේදී පැමිණ සිටි මන්ත්‍රීවරුන් පසුගිය දින කිහිපය පුරා සිදුවූ ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් සිය නිවෙස්වලට සිදුව ඇති අලාභ හානි සම්බන්ධයෙන් ඉතා ආවේගයෙන් අදහස් පළ කොට ඇති බවක් දැනගන්නට ඇත. එහිදී මන්ත්‍රීවරුන් ඍජුව චෝදනා කොට ඇත්තේ පොලිස්පතිවරයාටය. විශෂයෙන්ම මෙහිදී මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ මෙය විශාල කුමත්‍රණයක් බවත් එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පහරදීමට පටන් අරගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේ මිරිහානේ නිවෙසට පහරදීමෙන් පසුව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීමෙන් උත්තේජනය වූ කුමන්ත්රණකාරී දේශපාලන කණ්ඩායම් නිසා බවයි.තවද මන්ත්‍රීවරු සියයකට හා ආධාරකරුවන්ගේ නිවෙස් කාර්යාල වලට මෙසේ මෙම සංවිධානාත්මක පිරිස් විසින් විවිධ තර්ජන හා පහරදීම් සිදු කොට ඇත.මෙම පුද්ගලයින්ට ඇප ලබා දුන්නේ කවුද යන්න පිලිබද සොයා බලන්නට වාර්තාවක් කැදවා ඇත.
තවද පාර්ලිමේන්තුව අසල පක්ෂ විපක්ෂ මන්ත්‍රීන්ට පහර දීමට හා තර්ජනය කලේ මැයි 9 ට පෙර බවද ප්‍රකාශ වී ඇත. ගෝඨාභය රාජපක්ෂගේ මිරිහාන නිවස විශේෂයෙන්ම පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රොෂාන් රණසිංහ , කුරුණෑගල දිස්ත්‍රිකයේ ජොන්ස්ටන්,විමල් වීරවංශ ,ශාන්ත බණ්ඩාර,රෝහිත අබේගුණවර්ධන ,ප්‍රසන්න රණතුංග වැනි මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට පහර දීමට පටන් අරගනිද්දී ඊට කිසිදු නීතියක් ක්‍රියාත්මක වීමක් පොලිසිය හා නීති සංගම් සිදු නොකල බවද එය මේවා මැයි 9 වෙනිදා සිදුවීමට කලින් සිදු වූවත් පොලිසිය හා නීති සංගම් නිහඩව සිටි බවයි මෙහිදී මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබෙන්නේ.
ඉන් අනතුරුව මේ පිළිබඳව පොලිස්පතිවරයාගේ අදහස් දැක්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා නියෝග ලබා දී ඇත්තේ මිරිහාන සිද්ධිය හා ඊට පසු දිවයිනේ සිදුවූ සියලුම ප්රචණ්ඩ ක්‍රියා පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ගෙන එය කඩිනමින් විමර්ශනය කොට මේ සෑම සිදුවීමකටම සම්බන්ධ වූ සියලුදෙනාවම නීතිය හමුවට කඩිනමින් රැගෙන එන ලෙසටයි.. එමෙන්ම ගාලුමුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශවල මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල පසුගිය 9 වැනි දින සිදු වූ ප්රචණ්ඩ ක්‍රියා සහ අපරාධ සඳහා සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් යම් පිරිස් එම සිද්ධීන් සඳහා කැඳවු සමාජ මාධ්‍ය ජාලා පරිපාලකවරුන් 92 කු අද වන විට හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.
එම පරිපාලකවරුන් මෙන්ම එම අපරාධ සඳහා සම්බන්ධ වූවන් ද අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. එකී පුද්ගලයන්ට එරෙහිව පරිගණක අපරාධ පනත යටතේ චෝදනා කිරීමේ හැකියාව තිබෙන බවත් වසර පහකට නොවැඩි සිර දඩුවමකට යටත් කිරීමට හැකියාව ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය