ශ්‍රී ලංකාව ගැඹුරු ආර්ථික හා දේශපාලන අර්බුදයක පැටලී ඇති අවස්ථාවේ, ශ්‍රී ලංකාව තුළ ප්‍රහාර ක්‍රියාත්මක කිරීම සඳහා තහනම් සංවිධානයක් වන දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානයේ පැරණි සාමාජිකයන් යළි එක්ව සිටින බවට ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා ඇතැයි ද හින්දු පුවත් පත වාර්තා කර තිබෙනවා.
රට තුළ උග්රවන ප්රචණ්ඩ විරෝධතා මධ්‍යයේ අවස්ථා දෙකකදී හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති බැවින්, බහුජාතික සම්බන්ධතා ඇති ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කොටස් විරෝධතාකරුවන් සහ ආරක්ෂක හමුදා අතර පවතින ගැටුම්වලදී ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීමට උත්සාහ කරමින් සිටි බවයි හෙළිවී ඇත්තේ.
මැයි 18 වැනිදාට දී ඇති මුල්ලිවායිකාල් සංවත්සරය සැමරීමට සුදානම් වන ඇතැම් කණ්ඩායම් දෙමළ ජන සංහාර සැමරුම් දිනය ලෙස ප්‍රකාශ කර ප්‍රහාර සැලසුම් කිරීමට සුදානම් බවට ඉන්දීය මාධ්‍ය වාර්තා ප්‍රකාශ කර තිබෙනවා.
බුද්ධි අංශ තොරතුරු උපුටා දක්වමින් එම ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව තුළ ත්‍රස්ත සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා පැරණි සාමාජික පිරිසක් තමිල්නාඩුවට ඇතුළු වී ඇති බවයි.
තමිල්නාඩුවේ වෙරළබඩ දිස්ත්‍රික්කවලින් ලබාගත් තොරතුරු හමුවේ රාජ්‍ය බුද්ධි අංශ සහ ප්‍රාදේශීය පොලිසියේ විශේෂ කණ්ඩායම් ප්‍රාන්තයේ කිලෝමීටර් 1,000කට වැඩි වෙරළ තීරයේ සෝදිසියෙන් සිටින බව සඳහන්.
එමෙන්ම මෙම තත්වය සමග තමිල්නාඩු පොලිසියේ වෙරළාරක්ෂක කණ්ඩායම මුහුදු තීරයේ මුර සංචාරයේ වාර ගණන වැඩි කර ඇති බව ද ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.
රැකියාව වෙනුවෙන් මුහුදු යන ධීවරයින්ට ද අවධානම් තත්වය පිළිබඳ දැනුවත් කර ඇති අතර ගැඹුරු මුහුදේ සහ ජාත්‍යන්තර මුහුදු සිමාවේ කිසියම් සැක කටයුතු ක්‍රියාකාරකමක් හෝ පුද්ගලයින් සිටීදැයි සොයා බලන ලෙස උපදෙස් ලබාදී ඇතැයි සඳහන්.
එමෙන්ම ශ්‍රී ලාංකිකයින් ඉන්දියාවට ඇතුළුවීම වැළැක්වීමට වෙරළබඩ ආරක්ෂක ආයතනවලට දැනුම් දී ඇති අතර, මුහුදට යන සියලුම මාර්ගවල වාහන පරීක්ෂා කිරීම සඳහා මුරපොලවල් ශක්තිමත් කරන ලෙස සියලුම වෙරළබඩ දිස්ත්‍රික්කවල පොලිස් අධිකාරීවරුන්ට දන්වා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.