“ජනපති දැඩි ලෙස ව්‍යාකූලයි..!” ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

“ජනපති දැඩි ලෙස ව්‍යාකූලයි..!”
ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ඊයේ උදෑසන පොහොට්ටු පක්ෂයේ පලාත් පාලන නියෝජිතයන් සහ නගරාධිපතිවරුන් හමු වූ අවස්ථාවක දී වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉවත්කොට අළුත් ආණ්ඩුවක් පිහිටුවීමට තමන් අදහස් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ඒ නමුත්, ඊයේ රාත්‍රියේ කැදවා තිබුණු හදිසි කැබිනට් හමුවේ දී සිය ධූරයෙන් ඉවත්වන ලෙස ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇති බව පැවසේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ප්‍රකාශකරවයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින්, ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාට ඉවත්වන ලෙස දැනුම් දී නැති බව පවසා තිබුනද, කැබිනට් හමුවට සම්බන්ධ වූ අමාත්‍යවරු, ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටි බව තහවුරු කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි ලෙස ව්‍යාකූල වී සිටින බව පවසන ඩේලි මිරර් පුවත්පත, අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වන ලෙසට මහින්ද රාජපක්ෂගෙන් කළ ඉල්ලීම – ජනාධිපතිවරයා සති අන්තය අවසන්වන විට වෙනස් කළ හැකි බවට ද අනතුරු හගවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here