අරගලය වැරදි තැනකට අරගෙන යන්න එපා – පාර්ලිමේන්තුවෙන් එළියට ඇවිත් හරින් කියපු කතාව

අරගලයේ යෙදන තරුණ තරුණියන්, අරගලයේ අරමුණ ඇතිව අරගලයේ යෙදිය යුතු බව හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සදහන් කරයි.

පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණීමේදී ඇතිවු තත්වය ගැන ෆේස් බුක් ඔස්සේ සජිවීව එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය.

මමත් මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයාත් එකම වාහනයකින් ආවේ. ඊට කලින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු දෙන්නෙක් ආවා. මමත් මනුෂත් බැහැලා ඔවුන් කතා කරන්න ගියා.

පාර්ලිමේනතුවේ ඇතුලේදී අපි ලොකු සටනක් කළා. අරගලයක් කරන අය කණ්ඩායමක් කියලා ආපු කණ්ඩායමේ අරමුණ මොකක්ද කියලා තේරුම් ගන්න බැහැ.

අපි ආණ්ඩුවට විරුද්ධව හැමදාම කතා කළා. පාර්ලිමේන්තුව තුළ අපි විශාල සටනක් කළා. මම පාර්ලිමේන්තුවේ කිසිදු පඩියක්, කෑම වේලවක්, වරප්‍රසාදයක් ගන්නේ නෑ. මේ සියල්ල එක්කම ඉලක්කය ගැන අර්බුදයක් තියෙනවා. අරගලයට සහාය දෙන අයෙක් ලෙස යම් කිසි ආකාරයක ඉලක්කය වැරදීම ගැන ගැටලුවක් තියෙනවා.

ජනතාව එක්ක පාර්ලිමේන්තුවේ හැට පස් දෙනයි හිටියේ.

අපි දේශපාලන වශයෙන් අරගලය අතහරින්නේ නෑ. අරගලය බෙදෙන්න ගියොත් ඒක දරුණු ප්‍රශ්ණයක් බවට පත්වෙන්න පුලුවන්. මේ රට භාරගන්න කෙනෙක් ඉන්නවාද කියන එක ප්‍රශ්ණයක්. පාර්ලිමේන්තුවේ සිටින සියලුම මන්ත්‍රීවරුන්ට විරුද්ධව කටයුතු කිරීම ඉතාමත් පිළිකුල් සහගතයි.

මිනිසුන්ට ආවේගයක් තියෙන්න පුලුවන්. අර්බුදය සහ ඉලක්කය මොකක්ද කියලා දැනගෙන කටයුතු කරන්න කියලා අපි ඉල්ලනවා

අරගලය හරියට කරන්න. අරගලයට සහාය දෙන මන්ත්‍රීවරුත් ඉන්න බව තේරුම් ගන්න. මම හෘද සාක්ෂියට එකගව කතා කළ අයෙක්. අරගලය හරි තැනකට අරගෙන යන්න. ඒක වැරදි තැනකට අරගෙන යන්න එපා.

https://fb.watch/cQNE7C2HjY/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here