අගමැති දැන්ම යන්නෙ නෑ..! – අග්‍රාමාත්‍ය මාධ්‍ය ප්‍රකාශක

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉල්ලා අස් වීමට තවම තීරණය කර නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ප්‍රකාශක රොහාන් වැලිවිට පවසනවා.

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් අද දින පැවති හදිසි කැබිනට් රැස්වීමේදී සමස්ත කැබිනට් මණ්ඩලය සහ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් සඳුදා (09) දින එය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් එම පුවත් වල සඳහන් විය.

කෙසේ නමුත් අග්‍රාමාත්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ එවැනි තීරණයක් තවමත් අග්‍රාමාත්‍යවරයා ගෙන නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here