ජනපති සහ අගමැති දිගටම සිටිය යුතුයි : ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීවරු 17 ක් කියති.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඊයේ දිනයේ දී රැස්ව තිබුණු අතර, එහිදී මන්ත්‍රීවරු 117 දෙනෙකු, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දිගටම රට පාලනය කළ යුතු බව ප්‍රකාශ කර ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.
ඊයේ හමුව සදහා මන්ත්‍රීවරු 109 දෙනෙකු පැමිණ සිට ඇති අතර, ඔවුන් සියළු දෙනාම මෙම ස්ථාවරයේ සිට ඇති බව පැවසේ.
කලින් යොදා ගත් වෙනත් වැඩරාජකාරී හේතුවෙන් පැමිණීමට නොහැකි වූ මන්ත්‍රීවරු අට දෙනාද අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා දිගටම රාජ්‍ය පාලනයේ නිරත විය යුතු බවටත් ඔවුන්ගේ සහාය ඒ සදහා ලබා දෙන බවටත් පොරොන්දු වී තිබේ.
මෙම හමුවේ දී ජනාධිපතිවරයා පවසා ඇත්තේ, අග්‍රාමාත්‍යවරයා ඉවත්විය යුතු යැයි තමන් කිසි අවස්ථාවක කියා නැති බවයි.