සමගි ජන බලවේග සංවිධායකයකු වන හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතාට අයත් ඉන්ධන පිරවුම් හලකට ගෙන ආ ඉන්ධන බවුසරයක් සගවා තිබියදී සොයාගෙන ඇත.
ඔහුගේ තවලම පිරවුම් හල වත ඊයේ දහවල් රැගෙන ආ පෙට්‍රල් ලීටර් 13,000ක් අඩංගු බවුසරය ඔහුගේ තේ කර්මාන්ත ශාලාවේ සගවා තිබියදී පරීක්ශන ආරම්භ වීමත් සමග රාත්‍රියේම පිරවුම් හල වෙත ගෙනවිත් ඇත.
පසුව ඊයේ රාත්‍රී පිරවුම් හලට සීල් තබා ඇති අතර මේ වන විට පරීක්ශන ක්‍රියාත්මක වෙයි