ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෑතකදී පළ කරන ලද සමාජ ජාල සටහනක් අනුමත කරමින් ඉහලම ප්‍රතිචාරයක් ලැබී තිබේ. ඒ මහ බැංකුවේ නව අධිපති ලෙස නන්දලාල් වීරසිංහ මහතා පත් කිරීමට අදාළ සටහනකටය. ජනාධිපතිවරයා සිය සමාජ ජාලා ගිණුමේ පල කරන සටහන්වලට දැනට කාලයක පටන් අපහාස උපහාස කරමින් ප්‍රතිචාර පළ කරමින් තිබිණි. මෑතක සිට එහි ප්‍රතිචාර දැක්වීම ද අති හැකියාව ද අක‍්‍රිය කර ඇත. නමුත් නව මහ බැංකු අධිපතිවරයා පත්කිරීමේ පුවත සමාජ ජාල පරිශීලකයන් විසින් ඉතා ඉහළින් අනුමත කර ඇති ආකාරය නිරීක්ෂණය කළ හැක.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට බලකර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

නමුත් සමගි ජන බලවේගයේ නායක , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම යෝජනාව එකහෙලා ප්‍රතික්ෂේප කර ඇත. තමන් හට මේ වන විට පාර්ලිමේන්තුවේ ඒ සඳහා බහුතර බලය නොමැති නිසාත් මේ මෙහොතේ එයට අවශ්‍ය සහයෝගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ලබා ගැනීමට හැකියාවක් නොමැති නිසාත් එම දෝෂාභියෝග යෝජනාව සජිත් ප්‍රේමදාස මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව දැනගන්නට ලැබිණි. තවද මෙමගින් සිදුවන්නේ මැතිවරණයකට යා නොහැකි වීමත් ජනාධිපති තවත් ශක්තිමත්වන බවත්ය. නමුත් දිගින් දිගටම මනූෂ සහ හරීන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට මෙයට එකඟ වන ලෙස බලපෑම් කර ඇති බව දැනගන්නට ලැබිණි.

මෙයින් වන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කල්ලි දෙකකට බෙදී දෝෂාභියෝගයට පක්ෂව සහ විපක්ෂයව සිටින බවත් තමන් හට පාර්ලිමේන්තුවේ බහුතර බලය මේ මොහොතේ නොමැති බැවින් ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ඉදිරිපත් නොකරන ලෙස සජිත් ප්‍රේමදාස මහතා දිගින් දිගටම පවසා ඇත.මෙයින් වාසි ගන්නේ විමල් පිල බවත් සජිත් අවධාරණය කර ඇත.

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මෙම දෝෂාභියෝගය සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 05 දෙනෙකුගේ සහය ලබා දීමට එකඟ වූ නමුත් අවසානයේ දී එම සහයෝගය ලබා ගැනීමට ඔහුට නොහැකි විය. තමන් හරීන්ට සහ මනූෂට උන පොරොන්දුව ඉටු කර ගැනීමට නොහැකි වූ බැවින් ඔවුනට මුහුණ දීමට නොහැකි නිසාත් මාස 03 කට තමන් පාර්ලිමේන්තුවට නැවත නොපැමිණෙන බව කථානායකවරයාට පවසා ඔහු සභා ගැබින් පිටව ගිය බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here