ප්‍රභාත් නානායක්කාර මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ප්‍රමාද කරයි – ඉදිකිරීම් කරන චීන සමාගමට තර්ජන

ප්‍රභාත් නානායක්කාර හිතාමතා මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ප්‍රමාද කරයි.

ඇසට් සමූහයේ ප්‍රභාත් නානායක්කාරගෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කරන චීන සමාගමට තර්ජන හා බාධා කිරීම් සිදුකරන බවට රහස්‍යය වාර්තාවක් ලැබී ඇත.

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටස වන කඩවත සිට මීරිගම දක්වා ඉදිකිරීම සඳහා යහපාලන ආණ්ඩුව පිහිටුවා මාස 3ක් ඇතුලත කැබිනට් අනුමැතියක් ලබාගෙන ප්‍රභාත් නානායක්කාර තම සමාගමට උප කොන්ත්‍රාත් ලබා ගෙන ඇත. උප කොන්ත්‍රාත් ලබාදීම වෙනුවෙන් සමාගම් කිහිපයකට කැබිනට් අනුමැතිය ලබා දුන්නත් මෙහිදි ප්‍රභාත් නානායක්කරගේ ඇසට් සමූහය විසින් විශාල මුදල් සම්භාරයක් යහපාලන ඇමතිවරුන්ට ලබා දී තනිව MCC සමාගමට උප කොන්ත්‍රාත් ලබා දීම සිදුකර ඇත.

දුරකතනය ඔස්සේ පාස්කරලිංගම් හා කබීර් හෂීම් හා වජිර අබේවර්ධන සමග සාකච්ඡා කර විටින් විට ගණන් වැඩි කර මෙම ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව ඇසට් සමූහයේ ප්‍රභාත් නානායක්කාර වෙත ලබාදී ඇත.2014 දී කිලෝමීටර් එකක් සදහා ඇස්තමේන්තු කර තිබූ රුපියල් ලක්ෂ 30,000 ක මුදල රුපියල් ලක්ෂ 45,000ක් දක්වා වැඩි කර රුපියල් ලක්ෂ 15,000ක් එක කිලෝමීටරයකින් වංචනිකව මුදල් ලබාගෙන ඇත.තවද හිතාමතා ප්‍රභාත් නානායක්කාර මධ්‍යම අධිවේගී මාර්ගයේ පලමු කොටස වන කඩවත සිට මීරිගම දක්වා වූ කොටසෙහි වැඩ ප්‍රමාද කිරීම නිසා දැන් කිලෝමීටරයක් සදහා වැයවන මුදල රුපියල් ලක්ෂ 58,000 දක්වා වැඩි වී ඇත.එසේ වීමට හේතුව භාණ්ඩ හා ඩොලරයේ ඉහල යාමය.වසර හතරක් තිස්සේ මෙම ප්‍රභාත් නානායක්කාර කල ප්‍රමාද කිරීම් නිසා ඔහුට ලැබෙන මුදල කිලෝමීටරයකින් රුපියල් ලක්ෂ 28,000කි.මධ්‍යම අධිවේගී මාර්ගයේ පලමු කොටස වන කඩවත මීරිගම කොටසෙහි දුර කිලෝමීටර් 37 කි.ප්‍රභාත් නානායක්කාර මෙහිදී අයුතු ලෙස වංචනිකව විනාශ කරන මහජනතාවගේ මුදල් වල වඩිනාකම ලක්ෂ වලින්නම් 1036000 කි.

වසර 4 ක යහපාලන ආණ්ඩු සමයේ දී මෙම මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටසෙහි වැඩ ආරම්භ කිරීම හිතාමතා ප්‍රමාද කලේ මේ අධික මුදල ප්‍රභාත් නානායක්කරගේ සාක්කුවලට දමා ගැනීමටය .MCC සමාගම මෙම ඉදිකිරීම් කටයුතු 2020 දී ආරම්භ කළ අතර වත්මන් රජය විසින් බිලියන 16.7 ක් අත්තිකාරම් ගෙවා කඩවත මීරිගම කොටසෙහි මෙසේ වැඩ ආරම්භ කරන ලදී. අත්තිකාරම් මුදල් ගෙවා ඇති බව දැන ගත් ඇසට් සමාගම චීන සමාගම බිය වද්දමින් කප්පම් ඉල්ලා ඇත. චීන සමාගම මෙහිදී එසේ මුදලක් ලබාදීමට හේතුව විමසා සිටිය දී ඇසට් ලංකා ආයතනය පවසා ඇත්තේ යහපාලනය
රජයේ හිටපු අමාත්‍යවරුන්ට ගෙවීමට එම මුදල් අවශ්‍ය බවයි.

ප්‍රභාත් නානායක්කාර චීන සමාගමෙන් තමුන්ට මුදල් ලබා දෙනතෙක් කඩවත මීරිගම කොටසෙහි වැඩ කිරීමට උපකොන්ත්‍රාත්කරුවන් ලබා නොදෙන බවට තර්ජනය කර ඇත. උප කොන්ත්‍රාත්කරුවන් ලබා නොදීම හේතුවෙන් මේ වන විට ඉදිකිරීම් මන්දගාමී වී ඇත.යහපාලන කැබිනට් මණ්ඩලයෙන් උප කොන්ත්‍රාත්කරුවන් ගණනාවකට මෙම අධිවේගී මාර්ග කොටස ඉදිකිරීම සදහා අනුමැතිය ලබා දුන්නත් ප්‍රභාත් නානායක්කාර බලහත්කාරයෙන් තමන් දේශීය නියෝජිතයා බව බලහත්කාරයෙන් චීන සමාගමට පවසමින් අනෙක් උප කොන්ත්‍රාත්කරුවනට කිසිදු අවස්ථාවක් ලබාදී නොමැත.

කෙසේ නමුත් මෙම රජය අත්තිකාරම් ගෙවා වැඩ ආරම්භ කල අතර ඇමරිකානු ඩොලර් මිලියන 51 ක වැඩ මේ වනවිට අවසන් කර ඇත.නමුත් චීන එක්සිම් බැංකුවෙන් මෙම බිල්පත් පියවීම සදහා ණය මුදල ලබාදීම ප්‍රතික්ෂේප කර තිබිණි.මීට හේතුව විමසා බැලීමේදී සිදුවී ඇත්තේ ප්‍රභාත් නානායක්කාර ඔහුගේ සමාගම චීන තානාපති කාර්යාලයට නොදන්වා චීන MCC සමාගම සමග ගිවිසුම් අත්සන් කර තිබීමයි.චීන තානාපති කාර්‍යාලය දැනුවත් නොකොට චීන රජය දැනුවත් නොකර MCC සමාගම බිය වද්දා මෙම ගිවිසුම අත්සන් කර තිබිණි.

මෙසේ මුදල් ගෙවීම චීන එක්සිම් බැංකුවෙන් ප්‍රතික්ෂේප කිරීම නිසා බැසිල් රාජපක්ෂ විසින් චීන තානාපති කාර්යාලය හා චීන එක්සිම් බැංකුව දැනුවත් කර චීන තානාපති කාර්‍යාලයේ ආර්ථික කටයුතු භාර ප්‍රධානියා සමග සාකච්ඡාවක් සිදුකරන ලදී.මෙහි ප්‍රතිඵලයක් ලෙස චීන එක්සිම් බැංකුව විසින් නියමිත මුදල් ලබා දීමට එකගතාවය පල කරන ලද්දේ සත්‍ය සිද්ධිය එකින් එක පෙන්වා දීමෙන් පසුවය. ප්‍රභාත් නානායක්කාර විසින් කල ඇති මගඩිය හා චීන තානාපති කාර්‍යාලය මගහැර ගොස් අත්සන් කල ගිවිසුම නිසා සිදුවීමට ගිය මහා විනාශයක් බැසිල් සමග කල සාකච්ඡාව නිසා මග හැරුණු බවද මෙහිදී සදහන් කලේය.වහාම මධ්‍යම අධිවේගී මාර්ගයේ පලමු කොටස වන මීරිගම සිට කඩවත දක්වා වූ කොටසෙහි මුදල් නිදහස් කිරීමටද චීන තානාපති කාර්යාලයේ ආර්ථික කටයුතු බාර ප්‍රධානියා කටයුතු කලේය. තවද චීන තානාපති කාර්යාලයේ ආර්ථික කටයුතු බාර ප්‍රධානියා පවසා සිටියේ තානාපති කාර්‍යාලය දැනුවත් නොකොට අත්සන් කරන ලද ගිවිසුම පිලිබදව විමර්ශනයක් සිදුකරන ලෙසය.

ප්‍රභාත් නානායක්කාර කටමැත දොඩවන්නේ මාධ්‍යවේදීන් , විනිසුරුවරුන් ,මහා සංඝරත්නය, නීතිපතිවරයා, තානාපති කාර්‍යාල නිලධාරීන් දේශපාලකයන් අපරාධ විමර්ශන කොට්ඨාශය මේ සියළුදෙනාම ඇත්තේ තමාගේ සාක්කුවේ බවයි.

වහාම විමර්ශනයක් සිදුකරන ලෙසට චීන තානාපති කාර්යාලයේ ආර්ථික කටයුතු බාර ප්‍රධානියා කල ඉල්ලීමට කුපිත උන නානායක්කාර බැසිල් රාජපක්ෂ හා චීන නියෝජිතයින් හා හමුවී කල සුහද කතා බහ චීන තානාපති කාර්‍යාලය බැසිල්ට බැණ වැදුණ බවට විකෘතිකර බැසිල්ට. ජොන්ස්ටන් ,ලන්සා සහ ප්‍රසන්න රණතුංගට විරුද්ධව මඩ ප්‍රහාර දියත් කිරීමට මුදල් ලබා දී ඇත. මෙම ප්‍රභාත් නානායක්කාර ඉන් අනතුරුව sunday Times ඇතුළු පුවත්පත් වල මෙම ප්‍රවෘත්ති පලවන බවටද ඔවුන්ට මුදල් ලබා දුන් බවටද ම වහසිබස් දොඩා ඇත.
කෙසේ වෙතත් මේ වනවිට මහාමාර්ග අමාත්‍යාංශය මගින් පසුගිය කාලයේ කඩවත සිට මීරිගම දක්වා වූ මධ්‍යම අධිවේගී මාර්ගයේ පලමු කොටස ප්‍රමාදය පිලිබදවත් චීන තානාපති කාර්‍යාලය දැනුවත් නොකර අත්සන් කර ඇති ගිවිසුම පිලිබදවත් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇත.ඊට අදාල සියළුම තොරතුරු මේ වනවිට ලබාගෙන ඇත.මේ අනුව ඉදිරියේදී හිතාමතා වංචනිකව අධිවේගී මාර්ගයේ පලමු කොටස ප්‍රමාද කරමුන් මහජන මුදල් අයථා ලෙස වංචා කල අයවලුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමටද නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here