සතොස වෙළෙඳසැළක විදුරුවක් කඩා ඊට ඇතුළු වූ පුද්ගලයෙකු කිරිපිටි පැකට් කිහිපයක් රැගෙන ගොස් තිබේ.
සොරකම සිදුව තිබුණේ ඊයේ (30) රාත්‍රී 7.30ත් 8.00ත් අතර ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොළේ ඉහළ මාලයේ පිහිටා තිබූ සතොස වෙළෙඳසැළ තුළය.
සැකකරු වෙළෙඳසැළට ඇතුළුවී විනාඩි කිහිපයක් ඇතුළත කිරිපිටි පැකට් කිහිපයක් බෑගයක දමාගෙන යන අයුරු එහි සවිකර තිබූ CCTV කැමරාවක සටහන් වී තිබේ.
වෙනත් භාණ්ඩ සොරකම් කර තිබේද යන්න පිළිබඳව තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකය.