රුපියල් 10-30 අතර ගණනකින් සහල් මිල යලි වතාවක් ඉහළ දැමීමට ප්රධාන පලේ සහල් නිෂ්පාදකයන් කටයුතු කර තිබේ.
ඒ අනුව කීරි සම්බා කිලෝවක් රුපියල් 30 කින් ද, සම්බා හා නාඩු සහල් කිලෝවක් තවත් රුපියල් 10 කින් ද ඉහළ දමා ඇත.
මෙම මිල ඉහළ දැමීමත් සමඟ කීරි සම්බා කිලෝවක් රුපියල් 225ක් ද සම්බා කිලෝවක් රුපියල් 165 ක් ද නාඩු සහල් කිලෝවක් රුපියල් 140ක් ලෙසද වෙලදපලේ අලෙවි වෙමින් ඇත.
සුදා හා රතු සහල් කිලෝවක් රුපියල් 5 කින් ඉහළ දැමීමත් සමඟ සුදු කැකුළු සහල් කිලෝවක් නව මිල රුපියල් 125ක් හා රතු කැකුළු කිලෝවක නව මිල 110ක් බවට පත්ව ඇත.
රජය සහල් මිල පාලනයෙන් ඉවත් වීමත් සමඟ මහා පරිමාණ නිෂ්පාදකයන් විසින් සහල් මිල තීරණය කරමින් තිබේ.