100ට අඩුවෙන් සහල් දෙනවා : රටින් ගෙන්වනවා : මාෆියාකාරයන්ට යටවෙන්නේ නෑ – බන්දුල ගුණවර්ධන

ඉක්මනින්ම සහල් ආනයනය සිදුකරන බවත් කැබිනට් අනුමැතිය අනුව මෙට‍්‍රික් ටොන් ලක්ෂයක් සහල් පිටරටින් ගෙන්වන බවත් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

එම තොග ලැබුණු පසු රුපියල් 100ට අඩුවෙන් පාරිභෝගිකයන්ට සහල් කිලෝවක් මිලට ගැනීමට හැකිවනු ඇති බවද ඇමතිවරයා කියයි.

පාරිභෝගිකයන්ට සාධාරණ මිලට සහල් මිලට ගැනීමට නොමැති නම් වෙළඳපලට නිකුත් කිරීම සීමා කරන්නේ නම් ඊට මැදිහත් වීමට සිදුවන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

සහල් ආනයනය කර හෝ සාධාරණ මිලට ජනතාවට ලබාදීමට රජයේ වගකීම බවත් එනිසා එය නිවැරදිව සිදු කරමින් මෙට්‍රික් ටොන් ලක්ෂයක සහල් ආනයනය කරන බවත් ඔහු සඳහන් කළේය.

සහල් මාෆියාවට, මෝල් හිමියන්ට පාරිභෝගිකයන් ගසාකෑමට ඉඩදී නිහඬව සිටීමට සූදානම් නැති බව ද අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here