අත්‍යවශ්‍ය ආහාර ආනයන නවතන්න වෙන බව ආනයනකරුවන් කියති

විදේශයන්ගෙන් මෙරටට ආනයනය කර ඇති අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය අඩංගු කන්ටේනර වරායෙන් නිදහස් කරගැනීමට අපහසුතා ඇති ව තිබෙන බව ආහාර ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ හේතුවෙන් ඉදිරියේදී රටට අත්‍යවශ්‍ය ආහාර ඇති වීමේ අවදානමක් ඇතැයි එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා පැවසීය.

දැනටමත් එසේ ආනයන කරන ලද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර 800ක් පමණ වරායේ රඳවා ඇති බව ද පැවසූ ඔහු ඒවා කඩිනමින් නිදහස් කර ගැනීමට නොහැකි වුවහොත් ආහාර හිඟයක් ඇති වනු ඇතැයිද කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් රජය ක්‍රියාත්මක වී නිසි විසඳුමක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් එසේ නැති වුවහොත් ආනයනය සියල්ල නවතා දැමීමට සිදු වන බවත් දැනට ඇති ආහාර තොග ප‍්‍රමාණවත් වන්නේ ඔක්තෝබර් මස අවසන් වන තෙක් පමණක් ඔහු තව දුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here