ආසාදිතයන් වැඩිවෙන්නේ ඩෙල්ටා නිසා මැයි මාසයේ තත්වය නැවත ඇතිවේවි – විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවික්‍රම

කොරෝනා ආසාධිතයන් ඉහළ යමින් ඇත්තේ ඩෙල්ටා ප‍්‍රභේදය පැතිරීම බව බොහෝ දුරට විශ්වාස කළ හැකි යැයි ජාතික බෝවන රෝග විද්‍යායතනය විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.

මෙරට ඔක්සිජන් අවශ්‍යතාවය සහිත ආසාදිතයන් සැලකිය යුතු ඉහළ යාමක් පෙන්නුම් කරන බවත් විශේෂයෙන් බස්නාහිර පළාතේ රෝහල්වල මෙම තත්ත්වය කැපී පෙනෙන බවත් ඔහු පෙන්වා දෙයි.

මේ තත්ත්වය මත තවමත් ආසාදිතයන් දෛනිකව දෙදහසේ සීමාවේ යැයි සතුටු වීම බරපතල වරදක් බවද වෛද්‍යවරයා අවධාරණය කරයි.

ජනතාව සෞඛ්‍යය නීති නිසිලෙස ක්‍රියාත්මක නොකළහොත් රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ද පැවසූ ඔහු එවන් තත්ත්වයකදී පසුගිය මැයි මාසයක් තිබූ තැනටම රට යළි ගමන් කරනු ඇතැයි ද කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here