ආණ්ඩුව අවසන් තීරණයක් දෙනතුරු අරගලය දිගටම – ජොසප් ස්ටාලින් කියයි

වැටුප් විෂමතා ඉවත්කිරීම සහ කොතලාවල ආරක්ෂක පනත අහෝසි කරන ලෙස රජයට බලකරමින් ගුරු විදුහල්පතිවරු ආරම්භ කළ ඔන්ලයින් ඉගැන්වීම් වර්ජනය අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මක වන බව ලංකා ගුරු සංගමය පවසයි.

උද්ඝෝෂණ හා මහජන ඒකරාශීවීම් සිදුනොකළ යුතු බවට දැනුම් දී තිබියදී ගුරු – විදුහල්පති වෘත්තීය සමිති අද (22) කොළඹදී උද්ඝෝෂණයක් හා විරෝධතා පා ගමනක්  සංවිධාන කළේය.

ඔවුන් පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණි අතර එහිදී විරෝධතාවයේ නිරත තිදෙනෙකුට පමණක් සාකච්ඡාවක් හිමිවිය.

ඉන් අනතුරුව ඔවුන් මාධ්‍යට අදහස් පළ කළ ලංකා ගුරු සංගමයේ ලේකම්, ජෝසෆ් ස්ටාලින් මහතා මෙසේ පැවසීය.

“වෘත්තීමය ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලය තමයි අද මේ සාකච්ඡාව. අද අධ්‍යාපන අමාත්‍යවරයා, අධ්‍යාපන ඇමතිවරයා ලෙස පත්වෙලා මාස 11ක් තිස්සේ කිසිම සාකච්ඡාවක් නෑ. කිසිම වෘත්තීය සමිතියක් හම්බවුණේ නෑ. කිසිකෙනෙක් එක්ක කතාවක් නෑ. අපි ඇමතිවරයා දකින්නේ රූපවාහිනියෙන්. ඇමතිවරයා වැඩකරන හැටි අපි දන්නේ නෑ. අපිට පුළුවන් වුණා මේ ඔන්ලයින් වර්ජනය හරහා ඔහුව සාකච්ඡා පුටුවකට ගේන්න. සාකච්ඡාවෙන් පස්සේ ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවක් දානවා කියලා තියෙනවා. අපි මේ කැබිනට් පත්‍රිකාව හරහා ප්‍රශ්නය විසඳෙයි කියලා විශ්වාස කරන්නේ නෑ. අපිට අවශ්‍යයි අවසාන විසඳුමක්. ඒ විසඳුම ලැබෙනකල් අපි සුදානමින් ඉන්නවා. මේ සඳහා විවිධ ක්‍රියාමාර්ග යෝජනා වුණා. අපි ඒවා එකක්වත් මඟ අරින්නේ නෑ. හැබැයි මොන ක්‍රියාමාර්ග යෝජනා වුණත් අවසාන තීරණය එනතුරු අපේ අරගලය සක්‍රීය කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here