සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ සිටියදී පිලිස්සුම් තුවාල ලබා මියගිය 16 හැවිරිදි දැරිය දිගු කලක් තිස්සේ ලිංගික අපයෝජනයට ලක්ව ඇතැයි වෛද්‍ය වාර්තාවලින් තහවුරු වී ඇත.
අදාළ දැරිය මන්ත්‍රීවරයාගේ නිවසේ සේවයට පැමිණ ඇත්තේ දැනට මාස 8 කට පමණ පෙරදී බව බොරැල්ල පොලිසිය සඳහන් කරයි.
ඇය ඊට පෙර සිට ද අපයෝජනයට ලක්ව ඇතැයි වෛද්‍ය වාර්තාවෙන් තහවුරුව ඇති නිසා ඇය පදිංචි ප්‍රදේශය ආශ්‍රිතව ද පරීක්ෂණයක් සිදුකරන බව පොලිසිය කියා සිටී.
එමෙන්ම ඇය පිලිස්සුම් තුවාල වලින් මිය යාම පිළිබඳ විමර්ශනයක් ක්‍රියාත්මකය.
වත්මන් රජය යටතේ තමන්ට සිදු වුයේ අසාධාරණයක් යැයි ද පවසන ඔහු නමුත් ඒ ගැන සැලීමක් නැති බවද කියා සිටියේය.
තමනට අමාත්‍ය ධුරයක් ලබා නොදීම වැරදි බව පෙන්වාදෙන ඔහු තමන් ඒ ගැන විමසා නැති නමුත් ඇමති ධුරයක් ලබා දුන්නොත් භාර ගන්නා බව ද පැවසීය.
තම නිවසේ දී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.