ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය පරිදි රාජ්‍ය අමාත්‍යාංශ 03ක විශයන් සංශෝධනයට ලක් කර තිබේ.
ශෂීන්ද්‍ර රාජපක්ෂ, නාලක ගොඩහේවා, මොහාන් ද සිල්වා යන රාජ්‍ය අමාත්‍යවරුන් ගේ විෂයයන් මෙසේ සංශෝධනය කර ඇත.
ඒ අනුව නාලක ගොඩහේවා මහතා දරන ලද වෙරල සංරක්‍ෂණ විෂය ඉවත් කර එය මොහාන්ද සිල්වා මහතා වෙත පවරා ඇත.
මොහාන් ද සිල්වා මහතා දරන ලද කාබනික හා ස්වභාවික පොහොර නිෂ්පාදන හා සැලසුම් විෂය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා වෙත පවරා තිබේ.
අදාළ ගැසට් නිවේදනය මෙතනින්