රට විවෘත කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රජය ප්‍රමුඛතාවය ලබාදී ඇති අතර නිසි ආර්ථික කළමනාකරණයක් තුළින් ජනතාවට සහන ලබාදීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
කිහිපවතාවක් රට වසා දැමීම හේතුවෙන් දේශීයව මෙන්ම විදේශීයව රජයට මුදල් ලැබුණු ක්‍රමවේද අවහිර වී ඇති බව පෙන්වාදුන් මුදල් අමාත්‍යවරයා රජයටත් ජනතාවටත් මුදල් ගලාඒමේ ක්‍රමවේදය සක්‍රීයවීමට නම් හැකි ඉක්මණින් රට විවෘත වියයුතු බව පෙන්වා දෙයි.
අද (17) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පළාත් පාලන ආයතන ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේය.
සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල හැකි ඉක්මනින් අඩුකිරීම තම පළමු ඉලක්කය බව මෙහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.