වාලච්චේනේදී අත්අඩංගුවට ගත් අරක්කු ලොරිය ස්කාගාර සංස්ථාවට අයත් බව අනාවරණය වෙයි

වාලච්චේනයේදී ඊයේ අත්ඩංගුවට ගත් අරක්කු ලොරිය ඉස්කාගාර සංස්ථාවට අයිති ලොරි රථයකි.

එම අරක්කු ලොරිය වාලච්චේන ප්‍රදේශයට ගොස් තිබුනේ එහි අරක්කු ගබඩා කිරීමට වන අතර කිසිසේත්ම විකිණීමට නොවන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.ඉස්කාගාර සංස්ථාවේ හිමිකරු වන්නේ හැරී ජයවර්ධන මහතා වන අතර මෙම අරක්කු ලොරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ නිසි තොරතුරු සොයා බැලීමකින් තොරවය.

පොලිසිය මෙම ලොරිය අත් අඩංගුවට ගෙන ඇත්තේ ඒවා විකිණීම සදහා රැගෙන යන ඒවා යැයි සිතාය.

අරක්කු ලොරියෙහි තිබූ අරක්කු විකිණීම පිණිස නොව ගබඩා කිරීම සදහා පමණක් රැගෙන ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here