කොරෝනා ආසාදනය වී ඇති බව දැන දැනත් විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තු ඇවිත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කොවිඩ් ආසාදනය වී ඇත. ඔහුගේ බිරිද වන ජලනි ප්‍රේමදාස මහත්මියට කොවිඩ් ආසාදනය වී රෝහල්ගත කර සිටින අවස්ථාවේදී ඒ බව කාටත් නොදන්වා විපක්ෂ නායකවරයා පසුගිය දින කිහිපයේ පාර්ලිමේන්තුවට පැමිණ ඇති බව විශ්වාසදායි ආරංචිමාර්ග පවසයි. ඒ නිසා සමගි ජනබලවේගයේ සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට PCR පරීක්ෂණ ඉදිරි දින කිහිපය තුල සිදු කිරිමට නියමිතය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බිරිද වන ජලනි ප්‍රේමදාසගේ ජාල් සැලුන්හි පිලිගැනීමේ නිලධාරීනි දුෂ්‍යන්තිට මැයි 14 වන දා කොවිඩ් වැලදී ඇති බව තහවුරු වී ඇත. ඇය මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර ඇය ලුනාව රෝහලේ රෝහල් ගත කර ඇත. නමුත් ජලනි ප්‍රේමදාස කරුණු සගවමින් සැලූන් එක විවෘත කර පවත්වාගෙන ගොස් ඇත. මේ සම්බන්ධව ජලනි ප්‍රේමදාස හෝ කිසිවෙක් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැත. මේ පිළිබදව සංජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාද දැනුවත් වී සිටි බව දැනගන්නට ඇත. ඔහු පාර්ලිමේන්තුවට කොවිඩ් බෝ කිරිමේ අරමුණින්ම පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග සදහන් කරන අතර මේ නිසා මෙහි පළමු ආශ්‍රිතයන් විශාල ප්‍රමානයකින් සැදුම්ලත් ජාල් සැලුන් පොකුරක් බිහිවී ඇති බවද පෙනී යයි. තවද මේ පිලිගැනීමේ නිලධාරීනි දුෂ්‍යන්ති යනු ජලනිගේ සමීප යෙහෙලියක් බවද විශ්වාසවන්ත ආරංචි මාර්ග කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here