මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සැකකරුවෙකු බවට පත්ව සිටින අර්ජුන් ඇලෝසියස්ගේ ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් 6,182,975,353ක මුදලක් (බිලියන 6ක් ) ක බදු මුදල් ගෙවා නොමැති බව අනාවරණය වි තිබේ.
අදාළ මුදල් අයකර ගැනිම සදහා දේශිය ආදායම් දෙපාර්තමේන්තුව කොළඹ අංක 8 මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා පවරා තිබේ.ඒ අනුව 2006 අංක 10 දරණ දේශිය ආදායම් පනතේ 179(1)ක වගන්තිය යටතේ නිකුත් කර ඇති බදු මුදල වන රුපියල් 2,627,486,756ක මුදලක් මෙන්ම 2002 අංක 14 දරණ එකතු කල අගයමත බදු පනතේ 43(1)ක වගන්තිය යටතේ ගෙවිය යුතු බදු මුදල රුපියල් 3,555,488,597ක්ද ගෙවා නොමැති බවයි අධිකරණය හමුවේ පෙන්වා දි ඇත්තේ. (දේශිය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ඉදිරිපත් කල ලේඛන පහත ඇත.)
මිට අමතරව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට බිලියන 1.1ක බදු මුදලක් මේ දක්වා ගෙවා නොමැති බවද අනාවරණය වි තිබේ.