පාස්කු ප්‍රහාරය එල්ල කිරීමට පෙර සහරාන්ව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීති උපදෙස් ඉල්ලා වසර දෙකක් ඉක්මවන තෙක් නීති උපදෙස් නොදුන්න නීතිපති දෙපාර්තමේන්තුවේ ලොක්කා තමන්ගේ බලතල ඉක්මවා යමින් අතිශය සරාගී පෞද්ගලික හිත්වත්කම් මත නීති උපදෙස් දෙන බවට නීතිපති දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරයි.
විශේශයෙන්ම රවී කරුණානායක හා රාජිත සේනාරත්න සැගව සිටියදී පවා කිසිදු පියවරක් නොගෙන සිටි මොවුන් සමහර කාරණා සදහා වොයිස් කට් දෙන්නේ කුමන පදනමක් මතද යන්න පිලිබදව එම ආරංචිමාර්ග ප්‍රශ්න කර සිටී.
මාධයේ පලවන වාර්තා බලා බලහත්කාරයෙන් නීති ක්‍රියාමාර්ග ගැනීමට නීතිපති ලොක්කා කටයුතු කරන බවත් ඔහුගේ අතිශය සමීප නිශාරා ජයරත්නට අනවශ්‍ය ප්‍රචාරණයක් ලබා දීමට කටයුතු කරන බවත් එසේ කිරීම නිසා නීතිපති දෙපාර්තමේන්තුවේ කීර්ති නාමයට දැඩි හානි සිදුවන බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කර සිටී.
නීතිපති ලොක්කා කල යුත්තේ තමුන්ට ලැබෙන රාජකාරිය අකුරටම ඉටු කිරීම බවත් සහරාන්ව පාස්කු ප්‍රහාරයට කලින් අත්අඩංගුවට ගැනීමට නීති උපදෙස් ඉල්ලා තිබියදීත් උපදෙස් ලබාදීමට කල්මැරූ නීති ලොක්කා තම හිතවතියන් ලවා මාධ්‍ය සංදර්ශන පැවැත්වීම පමණක් නොවන බවත් එම ආරංචිමාර්ග සදහන් කර සිටී.පොලිසියට ලැබෙන හැම බී වාර්තාවකටම මාධ්‍ය සාකච්චා කැදවුවහොත් වෙන කිසි වැඩක් කරන්නට වෙලාවක් නැතිවන බවද ඔවුන් සදහන් කර සිටියි.
මීට අමතරව නීති ලොක්කාගේ දුරකතන ඇමතුම් වාර්තාවක් ලබාගතහොත් මේ පෞද්ගලික හිත්වත්කම් ගැන අපූරුවට බලාගට්ග හැකි බවත් එම නිලධාරීන් පැවසීය.
කුරුණෑගල ජයරත්න හේරත් ගේ දුව පේශලා ජයරත්නගේ විවාහය කෙලවර වූයේ නීති ලොක්කා සමග තිබූ අතිශය පෞද්ගලික හිතවත් කමක් නිසා බවත් නීති ලොක්කා ජයරත්න නමට බොහෝ ලැදියාවක් දක්වන බව තම දෙපාර්තමේන්තුවේ දැන් නිතර කතා බහ වන බවත් එම නිලදධාරීන් පැවසීය.
මම තමයි ඊලග අගවිනිසුරු ගෝටා මම කිවුවොත් ඕනෑ දෙයක් කරනවා යැයි පවසමින් තම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බය කරගෙන සිටින බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් පැවසීය.
අගවිනිසුරු සිහිනය නිසා තමන්ගේ පෞද්ගලික හිතවතියන් ලවා මාධ්‍ය සංදර්ශන පවත්වන බවත් හැකිනම් සහරාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව කල ඉල්ලීමට නීති උපදෙස් ලබා දීම ප්‍රමාද කලේ ඇයිද කියමින් ඔය කියන ජයරත්න මෙනවිය ලවා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලෙසට අභියෝග කරන බවට නිලධාරීන් වැඩි දුරටත් සදහන් කලේය.