ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ කුරුණැගල දිස්ත්‍රික් අපේක්ෂක ජයරත්න හේරත්ගේ උපදෙසින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී සනත් මීගොල්ල විසින් බෙදා හරින ලද මඩ පත්‍රිකා තොගයක් මාවතගම පොලිසියට හසුව තිබේ.මෙම මඩ පත්‍රිකා තොගය බෙදා හැරි පුද්ගලයා එය හසු වූ අවස්ථාවේදී පලා ගොස් තිබේ.
මෙම මඩ පත්‍රිකා තොගය මගින් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ව දැඩි ලෙස විවෙච්නයට ලක් කර තිබේ.
මේ පිළිබදව අප කළ විමසීමකදී මාවතගම පොලිසියේ නිළධාරියෙකු සදහන් කර සිටියේ මේ සිදුවීම පිළිබදව මාවතගම පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවත් මේ පිළිබදව විමර්ෂණයක් ආරම්භ කර ඇති බවය.
මේ ආකාරයට මඩ පත්‍රිකා බෙදමින් මැතිවරණ නීති කඩකරමින් සිටින ජයරත්න හේරත් මන්ත්‍රීවරයාට මැතිවරණ කොමිසම මගින් නිතීය ක්‍රියාත්මක වන තුරු ජනතාව අවදියෙන් සිටී.
එසේ හසු වූ මඩ පත්‍රිකාවක් පහතින්