දයාසිරි හා නලීන් බණ්ඩාර පොහොට්ටු ප්‍රබලයින්ට මඩ ගහන්නැයි මාධ්‍යවේදීන් ළග බැගෑපත් වෙයි

මල්ලි මේ පාර කෙලවෙන්න යන්නේ.මම පැන්නා කියලා කවුරුවත් ගණන් ගන්නේ නෑ.කැම්පේන් එක උස්සන්න පොඩි නිව්ස් ප්ලාන්ට් ටිකක් ගහලා දෙන්න යැයි දයාසිරි ජයසේකර මාධ්‍යවේදීන් ඉදිරියේ බැගෑපත් වී ඇත.ඊට අමතරව කුප්‍රටකට නිල නිවසේ දී කසිප්පු පෙරා මාට්ටු වූ නලීන් බණ්ඩාරට ද දයාසිරි දුරකථන ඇමතුමක් ලබා දී තමන්ට උදව් කරන ලෙසත් පොහොට්ටුවේ අනික අයට මඩ ගහන ලෙසත් තමාට වචනයක් වත් නොකියන ලෙසත් පවසා ඇත.නලීන් බණ්ඩාර ද මෙවර සමගි ජන බලවේගයෙන් මැතිවරණය කුරුණැගලින් ඉදිරිපත් වන අතර ඔහුට ද ජයග්‍රහණය කිරිම අසීරු බව මේ වන විට තහවුරු වී ඇත.

දයාසිරි හා නලින් බණ්ඩාර ගජ යහළුවන් වන අතර එකට කැසිනෝ සෙල්ලම් කරන දෙදෙනෙකි.මොවුන් දෙදෙනාම පොහොට්ටු ප්‍රබලයින් ඉලක්ක කරගනිමින් ප්‍රහාර දියත් කර ඡන්ද ඉහළ දමා ගැනීමට කටයුතු කරමින් සිටින බවට මාධ්‍යවේදින්ගෙන් දැනගන්නට ලැබී ඇත.දයාසිරිගේ විදේශගත මිතුරකුද මාධ්‍යවේදීන් අමතා පොහොට්ටු ප්‍රබලයින්ට මඩ ගසන ලෙස සමාජ මාධ්‍යවලින්ද ඉල්ලීමක් කර ඇත.අවශ්‍ය වුවහොත් ඉදිරියේ දී ඒ සියල්ලම ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවට එම සමාජ මාධ්‍යවේදීන් ප්‍රකාශ කර ඇත.

නලීන් බණ්ඩාර හා දයාසිරි හැමදාම කළේ මැතිවරණයක් ලංවෙද්දි කාටහරි මඩ ගසා ඡන්ද ගොඩ වැඩි කර ගැනීමට බවත් ඒ වෙලාවට අපිව ඕනෑ දින්නට පස්සේ ෆෝන් එකට එන්නේ නෑ යැයි අදාල මාධ්‍යවේදීන් ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here